Chapter 22

240 28 7
                                    

" ඉතින් නූනා , කොහොමද ඔයාගෙ ලව් ලයිෆ් එක එහෙම මේ දවස් වල ?"

මින්ග්යු , තමන් ඉස්සරහ වාඩිවෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්න ලාරාගෙන් ඇහුවෙ ලැප් එකෙන් ඇස් අයින් නොකර.

" විශේෂයක් නැ. එයා මාව මගාරිනවා. මම එයාට වදයක් වෙවී පස්සෙන් යනවා "

ලාරා එහෙම කියලා බර හුස්මක් පිට කරේ  ෆෝන් එක මේසෙ උඩින් තියන ගමන්. මින්ග්යු යන්තම් ලාරා දිහා බලලා ආයෙත් ලැප් එක දිහා බලාගත්තම ලාරා කතා කරන්න ගත්තා.

" මටම වෙලාවකට හිතෙනවා මොකක්ද මම  මේ  කරන වැඩේ තේරුම කියලා. ජිමින් දැන් මට කැමති නැ. සමහර වෙලාවට ලොකු පසුතැවීමකින් වගෙ මන් දිහා බලනවා, සමාවෙන්න කියනවා, මම බෑ කියද්දිම බලහත්කාරෙන් ගෙදරට ගෙනත් දානවා. මට ඒ වෙලාවටනම් අනන්තවත් හිතෙනවා එදා ඇක්සිඩන්ට් උනෙ මගෙ කවුරුත් නෙමෙයි කියන්න. ඒත් ඒක කිව්වොත් එයා අකමැත්තෙන්වත් මාව මීට් වෙන්න එන එකක් නැ"

" ඔව්, එයා අනිවාරෙන්ම හනාව මැරි කරයි ඊටපස්සෙ "

මින්ග්යු කලින් වගේම ලැප් එකෙන් ඇස් අයින් නොකර කිව්වෙ ලාරා මින්ග්යුට රවලා අත්දෙක බැඳගනිද්දි.

" මට ගස්සලා වැඩක් නැ මම කියන්නෙ ඇත්ත "

" ඒ මම ඒක කිව්වොත්නෙ"

" ඔයා කිව්වා නොකිව්වා කියලා ඒකෙ විශේෂයක් නෑ. අදත් එයා තමයි හනාව ගෙදර එක්කන් යන්නෙ. රෑට ගමන් බිමන් යද්දි ඉතින් කොච්චර දේවල් වෙන්න පුළුවන් ද"

" wft . No "

ලාරා කෑගහගෙනම වාඩිවෙලා ඉඳපු තැනින් නැගිට්ටම මින්ග්යු හොරාට ලාරා දිහා බලලා ආයෙත් කතා කරන්න ගත්තෙ ලැප් එක වහලා සෑඩ් මූඩ් එකක් මවාගෙන.

" මම උනත් කැමති නූනා ඔයායි ජිමින් හ්යොං දෙන්නා එකතු වෙනවට. ඒත් ඉතින් මමනම් හිතන්නෙ නෑ හනා ඉන්නකම් ඒක කරන්න පුළුවන් වෙයි කියලා "

"ඒක මම දන්නවා. ඒ උනාට මට පුළුවන් ඒක ගැන බලාගන්න. හොඳින් බැරි උනොත් නරකින් හරි  "

ලාරා එහෙම කියලා කැබින් එකෙන් එලියට ගියාම මින්ග්යු ෆෝන් එක අරන් නික්ට කෝල් එකක් ගත්තේ තමන්ට උවමනා විදියටම හැමදේම උන එක ගැන හිතින් සතුටු වෙන ගමන්.

BlAcK J Where stories live. Discover now