හනා හිටියෙ කම්පැනි එක ඉස්සරහ. හත වෙන්නත් කලින් තියෙන වැඩත් පැත්තකට දාලා, පහලට ආපු හනා ජිමින් එනකම් බලන් හිටියෙ ඕනවටත් වඩා සතුටින් . ඒත් ටික ටික වෙලාව ගෙවිලා යද්දි හනාගෙ සතුටත් අඩුවෙලා ගියෙ ජිමින් එන්නෙ නැ කියලා හිත කියද්දි. අතේ බැඳපු ඔරලෝසුවෙන් වෙලාව බලපු හනා ආයේ කම්පැනි එක ඇතුලට ගිහින් ලොබි එකේ සෝෆා එකෙන් වාඩිවෙලා ෆෝන් එක ඔබන්න ගත්තා. වැඩ ඉවර වෙලා හතර පස්දෙනා කම්පැනි එකෙන් එලියට යන දිහා සැරින් සැරේ හනා ඔලුව උස්සලා බලලා බර හුස්මක් පිට කරේ; ජිමින් ඒ වෙද්දිත් ආවෙ නැති නිසා වගේම ගනිපු කෝල් දෙකත් කට් කරපු එකට දුකෙන්.
තවත් විනාඩි විස්සකට විතර පස්සෙ ගාඩ් කෙනෙක් ඇවිත් හනාට bow කරලා හනා එක්කම එලියට ගියෙ කම්පැනි එක ඉස්සරහ නවත්තලා තියෙන ජිමින්ගෙ කාර් එක දැකලා කෙල්ල හිනාවෙද්දි.
ගාඩ්ට යන්න කියලා හනා ජිමින්ගෙ කාර් එකේ ශටර් එකට තට්ටුවක් දාලා පහත් උනේ බොරු තරහක් මවාගෙන. ජිමින් ශටර් එක පහත් කරලා පුරුදු හැඟීමක් නැති මූණෙන්ම හනා දිහා බැලුවම හනාගෙ මූණ අඳුරු උනා." so sorry හනා, මට පොඩි වැඩ වගයක් තිබුනා අනේ. ඒකයි අපි පරක්කු උනේ . නගින්න අපි ඔයාව මගින් දාගෙන යන්නම් "
ජිමින්ගෙ උරහිසට අත තියාගෙන ලාරා එබිලා හනා දිහා බලන ගමන් කිව්වෙ, හනාගෙ මූණ ලාරා දැකලා තව අඳුරු වෙද්දි.
" ඔයා ගොඩක් වෙලාද ඕෆ් වෙලා ?"
හනාගෙන් උත්තරයක් නැති වෙද්දි ලාරා ආයෙත් ඇහුවෙ ජිමින්ගෙ උරහිසෙන් තියන් ඉඳපු තමන්ගෙ අත ජිමින්ගෙ කකුලෙන් තියන ගමන්.
හනා ලාරා අහන කිසිම දේකට උත්තර නොදී, ජිමින්ගෙ කකුල උඩ තියන් ඉන්න ලාරාගෙ අත දිහා බලන් හිටියෙ අඳුරු වෙලා දුකින් පිරුනු ඇස් වලින්." ඔයා එනවද ?"
ලාරා ආයෙත් හනාගෙන් අහද්දි, හනා ලාරාගෙ දිහා නොබලා කෙලින්ම ජිමින්ගෙ මූණ දිහා බැලුවම ජිමින් ඉස්සරහ බලාගත්තෙ; ලාරා තොල් දෙක තද කරලා හිනාව නවත්තගනිද්දි.
" මට තව පොඩි වැඩ වගයක් තියෙනවා. ඒක කියන්න මගේ කෝල් එකක්වත් ඔයා ආන්සර් කරෙ නැති නිසයි මම පහලට ආවෙ. ඔයාලා යන්න ආපු ගමන යන්න "
YOU ARE READING
BlAcK J
Fanfiction"Jungkook ගෙ මාළිගාවෙ ඉන්නවා තව කිරිල්ලියක් . මට ඕන එයාව " " ඒකට මාව මොකටද " " කිරිල්ලි දාපු කූඩුවෙ යතුර ඔයා ළඟ නිසායි ඔයාව ඕන "