Chapter 08

602 87 19
                                    

ඔලුව පැලෙන්න තරම් රිදුනත් Jungkook උදේම අවදි උනා . කිසිම කෙනෙක් ගනන් නොගෙනම කොල්ලා පාන්දරම ගැන්ග් එකේ ෆයිටර්ස්ලා එක්ක ට්‍රේනින් පටන් ගත්තේ යුන්ගි ටේ දෙන්නාත් ග්‍රවුන්ඩ් එකට ඇවිත් බලන් ඉද්දි . පැය ගානක් කිසිම බ්‍රේක් එකක් නැතුව ප්‍රැක්ටිස් කරපු නිසා අන්තිමට Jungkook ග්‍රවුන්ඩ් එකේම බිම දිගෑරුනේ හයියෙන් හුස්ම ගන්න ගමන්.

" නැගිටහන් , මැරෙන්න ද හදන්නෙ ?"

ටේ ඇවිත් අත දික් කරාම තියෙන මුරණ්ඩුකමට ටේගේ අතට එකක් ගහන ගමන් Jungkook නැගිට්ටේ ටේට රවාගෙනමයි .

" යා කුක් දැන් ඇති "

තමන්ව පහුකරගෙන ආයෙත් ප්‍රැක්ටිස් කරන්න යන කොල්ලාට ටේ කෑගැහුවත් ඒක Jungkook නවත්තන්න තරම් ප්‍රමාණවත් උනේ නැහැ . ටේ බැන බැනම ආයෙත් හිටපු තැනටම ඇවිත් වාඩි උනේ යුන්ගි කිසිම ගානක් නැතුව Jungkook දිහා බලන් ඉද්දි .

" හ්යොන් අර මෝඩයා මැරෙයි මෙහෙම ගියොත් "

" පිස්සුද බන් . ඔය දඟලන්නේ අද පීටර් එක්ක ජිමිනලයි ගෙදර යන්න බැරිකමට "

" හ්ම්ම්ම් ,මේ පාරනම් අප්පාගෙන් බේරෙනවා බොරු "

ටේ කියද්දි යුන්ගි ඔලුව වැනුවේ Jungkookගෙ වැඩ වලට හිනාවෙන ගමන්.

ප්‍රැක්ටිස් ඉවර වෙලා පැය ගානකට පස්සෙ Jungkook ලෑස්ති වෙලා ගාර්ඩ්න් එකට එද්දිත්, පීටර් ඒ කියන්නේ මිස්ටර් ජොන්ගෙ හොඳම ගාඩ් කාර් එක ලඟට වෙලා බලාගෙන හිටියා. Jungkook ඇස් දෙක කරකවලා හිතින් පීටර්ගෙ හත්මුතු පරම්පරාවටම බනින ගමන් කාර් එකට නැග්ගම පීටර් කිසිම හැඟීමක් නැති මූණෙන් ඩ්‍රයිවින් ශීට් එකට එහාපැත්තෙ ශීට් එකෙන් වාඩි උනා. Park Mansion එකට එන අතරවාරේ Jungkook ට දහස් වතාවක් කාර් එකෙන් එලියට පනින්න හිතුනත් කරන්නම දෙයක් නැතිකමට කොල්ලා බොහොම අමාරුවෙන් තමන්ගෙ කේන්තිය මුරණ්ඩුකම පාලනය කරගත්තා . කාර් එක Park Mansion එකේ ගේට් එකෙන් ඇතුලට දාපු ගමන්ම පීටර් පිටිපස්සෙ ශීට් එකේ වාඩිවෙලා ඉඳපු කොල්ලා දිහා බැලුවේ මිස්ටර් ජොන් කියපුවා මතකද අහන්න වගේ.

" ඔහොම මගේ දිහා බලන්න එපා පීටර් . මට මතකයි අප්පා කියපුවා "

Jungkook රවාගෙනම එහෙම කියලා කාර් එකෙන් බැස්සෙ පීටර් ඒ එක්කම කාර් එකෙන් බහිද්දි . ගාර්ඩ්න් එක වටේම බලපු Jungkook යුමී කැමේලියා ගහ යට ඉන්නවා දැක්කම ආයෙත් පීටර් දිහා බැලුවේ මේ දේ කරන්න ඕනමද කියලා අහන මූඩ් එකකින් . වචනයක් කතා නොකරත් පීටර් ඔලුව වැනුවේ Jungkook හිතපු දේ හරියටම තේරුම් අරන්.

BlAcK J Where stories live. Discover now