Chapter 03

683 90 13
                                    

Two days later
Yumi's pov

එදා Jeon family එකේ අය ඇවිත් ගිහින් අදට හරියටම දවස් දෙකක්. දවස් දෙකක් කියන්නේ පැය හතලිස් අටක්. එතකොට විනාඩි දෙදාස් අටසීය අසූවක් .මේ කාලේ පුරාවටම මම කරේ මොකක්ද ?මොකක්ද කරේ ඉතින් එලිවෙනකම් රෑවෙනකම් ගූගල් එකේ පත්තර වල magazine වල අතන මෙතන හැම තැනම අස්සක් මුල්ලක් නෑරම Jeon family එක ගැන විස්තර හොයපු එක. ඒකට ප්‍රධානම හේතුව එදා යන්න එලියට බැහැපු විනාඩියට යූරා කියපු වචන ටික .

" මේ අපි මේ කොරියාවෙමනෙ බන් හිටියෙ. මෙච්චර හිටියා කවදාවත් අපි ඔය Jeon Industry එකේ අයිතිකාරයාගෙ ළමයෙක් පොටෝ එකකින්වත් දැක්කෙ නැහැනෙ .උඹලට සැක නැද්ද ?"

මගේ මනස සම්පූර්ණයෙන්ම කලඹලා උන් දෙන්නා ගියා. ඒ වෙලාවෙ ඉඳන් මට හරියට නින්දකුත් නැහැ. මම මේ දවස් ටිකේම රහස් පරීක්ෂණ කටයුතු කරලා කරලා කරලා අන්තිමට නිගමනේකට ආවා යූරා කියපු දේ ඇත්ත කියලා .ඒකේ ආයේ නිගමනේකට එන්න දෙයක් නැහැ තමයි .ඒත් ඉතින් මුකුත් විශේෂ සැකකටයුතු දෙයක් හමු උනේත් නැහැ .හැම ආර්ටිකල් එකකම හැම නිව්ස් එකකම වගේ හිටියේ මාමාණ්ඩියා විතරයි .ආහ් හැබැයි ඔය අවෝර්ඩ් සෙරමනි පාර්ටීස් වගේ ඒවාටනම් නැන්දම්මා කෑල්ලත් ගිහින් තිබුණා .හැබැයි පොටෝස් නැති උනාට ළමයි තුන්දෙනා ගැන සමහර තැන් වලදි කියලනම් තිබුණා .එක අතකට ඉතින් අපිට අනුන්ගෙ දේවල් වැඩකුත් නැහැනෙ .මෙහෙමයි ඉතින් අනුන්ගෙ කියන්නත් බැහැ ඉස්සරහට ඕවා මගේනෙ 😌.

( A : හා හා ඒවා කොහෙද මම ඉන්නකම් 😒

Y: වදයක් නොවී ඉන්නවද 🤨 එනවා මෙතන ඒකටත් අයිතිවාසිකම් කියන්න .ඔහේ මම කවුද කියලා දැනගන්නෙ ඔන්න ඕවාට ආවොත් 😤⛏️🗡️🔨

A : ඔච්චර කේන්ති ගන්න දෙයක් කිව්වයැ 🙂 හෙ හෙ විහිලු තේරෙන්නේ නැහැනෙ 😶 පිශ්ශු කෙල්ල 👉👈)

එදා ගියා ගියාමයි අර හනා කියන හොල්මන ගැන කිසිම ආරන්චියක් නැහැ .අර පිස්සු හාවා ඒකිව යන ගමන් විසි කරන් ගියාද දන්නෙත් නැහැ .ඒකිටත් ඉතින් කට වහන් ඉන්න බැහැනේ .අනිවාරෙන්ම කාර් එක ඇතුලෙ මරාගන්න ඇති .

මනෝවිකාරෙන් මම පහලට ඇවිත් උදේට කන්න ගත්තෙ අපේ ඔම්මාගේ රැවුම් ගෙරවුම් මැද්දෙ. වෙලාවට නොකෑම සහ දින දෙකක් පුරාවටම කිසිදු ඵලදායී ක්‍රියාවක නිරත නොවීම කියන හේතු කාරනා වලට තමයි මම මේ බැනුම් අහන්නෙ. මමනෙ දන්නෙ මම කරපු වැඩේ ඵලදායිකම.

BlAcK J Where stories live. Discover now