ජිමින්ගේ කාර් එක Jeon Mansion එකේ ගේට් එක ලඟ නතර කරාම හනා මේ මොකද වගේ බැල්මකින් ජිමින් දිහා බැලුවා. ජිමින් ඇස් වලින් බහින්න කියලා සන් කරත් හනා ජිමින් දිහාම බලන් හිටියේ මේ අලුත් විකාරෙ ගැන පැහැදිලි කරන්න කියලා වචනෙන් නොකියා. මූණත් අමුතු කරගෙන තමන් දිහා බලන් ඉන්න හනාව ගනන් නොගෙන ජිමින් කාර් එකෙන් බැහැලා ඇවිත් හනාගෙ පැත්තෙ දොර ඇරියම හනා අත් දෙකත් බැඳගෙන ශීට් එකේ පස්සට උනා.
" ඒයි බහිනවා "
" මට බැ "
" මට වැඩ තියෙනවා හනා ප්ලීස් ඔයාව හුරුතල් කරන්න වෙලාවක් නැ "
ජිමින් කාර් එක ඇතුලට එබෙන ගමන් කිව්වට පස්සෙ හනා රවාගෙනම ජිමින් දිහා බැලුවෙ ජිමින් ආයෙත් ඇස් වලින් බහින්න කියලා සන් කරද්දි . හනා තරහින්ම ශීට් බෙල්ට් එක ගලවලා ජිමින්වත් තල්ලු කරගෙනම කාර් එකෙන් බැස්සම ජිමින් පුරුදු කිසිම හැඟීමක් නැති මූණෙන් හනා දිහා බලන් හිටියා.
" හුරුතල් කරන්න ඕන අය මේ මහ රෑ රස්තියාදු කරන්න හොඳ නෑනෙ සොරි කරදර කරාට මිස්ටර් පාක් "
" මොක්__"
" දහසකුත් වැඩ රාජකාරි අස්සෙ මාව පරිස්සමට ගෙදර ලඟටම එක්කන් ආවට බොහොම ස්තූතී "
ජිමින්ට කතා කරන්න ඉඩක් දෙන්නෙ නැතුව හනා එහෙම කියලා අංශක අනූවටම නැවිලා ජිමින්ට bow කරා. සිද්ද උන විපර්යාසෙ අදහගන්න බැරි බැල්මෙන් ඇස් දෙකත් ලොකුකරන් තමන් දිහා බලන් ඉන්න ජිමින්ට ගස්සගෙනම හනා ගේට් එකෙන් ඇතුලට ගියේ ජිමින්ට බැන බැන.
මූණත් දෙක කරගෙන හනා ගෙදර ඇතුලට ඇවිත් අතේ තිබුණු පර්ස් එක සෝෆා එකට විසික් කරා." ශිට් , අර ගෑනිව බලන්නද දන්නෙ නැ එච්චර හදිස්සියෙන් ගියෙ "
ලිවින් රූම් එක පුරාම එහාට මෙහාට ඇවිදින ගමන් හනා කල්පනා කරන්න ගත්තේ කාර් එකෙන් බැස්සෙ අපරාදේ කියලා හිතෙද්දි . කරන්න දෙයක් හිතාගන්න බැරි වෙද්දි හනා අත් දෙකෙන්ම කොණ්ඩෙ අවුල් කරගත්තා.
" Aaaaaaaaaaaaaaaaaaarrrrrrggghhhhhh f*ck. මට අද නින්දයන්නෙත් නැති වෙයි මේ විදියටනම් . හොයන් ගිහින් හොම්බට දෙකක් අනින්න තිබුනනම් ගෑනිටයි මිනිහාටයි දෙන්නටම .
අනෙ , ඕන මගුලක් මට මොකද ? මගේ කවුරුත් නෙමෙයිනේ . හිතන්න එපා හනා "
YOU ARE READING
BlAcK J
Fanfiction"Jungkook ගෙ මාළිගාවෙ ඉන්නවා තව කිරිල්ලියක් . මට ඕන එයාව " " ඒකට මාව මොකටද " " කිරිල්ලි දාපු කූඩුවෙ යතුර ඔයා ළඟ නිසායි ඔයාව ඕන "