හැමපැත්තෙන්ම ඇහෙන මියුසික් සද්දෙත් අඳුර අස්සෙන් එහෙන් මෙහෙන් වැටෙන පාට පාට ලයිට් එලි වගේම බීපු මිනිස්සු අතරෙන් ජිමින් බොහොම අමාරුවෙන් ඉස්සරහට ගියෙ හවස ඉඳන් අතුරුදන් වෙලා ඉඳපු හනාව හොයාගෙන.
" ආයිශ් මේ වසවර්ති කෙල්ලට යන්න වෙන ක්ලබ් එකක් තිබිලම නැද්ද "
ජිමින් තමන්ගේ ඇඟේ එල්ලෙන කෙල්ලො කිසිම ගානක් නැතුව හරේට මෙහේට තල්ලු කරලා දාන ගමන් හනාට බැන්නෙ සෝල් වල අස්සකම තියෙන මේ ක්ලබ් එකට ජිමින්ගේ හුස්ම හිරකරන්න තරම් පුළුවන් උන නිසා. කවදාවත් පොඩි පොඩි අහුමුලු අස්සෙ තියෙන ක්ලබ් එකකට යන්න තියා ඒ පැත්තක්වත් බලන්නෙ නැති ජිමින්ට එහෙම දැනෙන එක සාදාරනයි .
මේ අතරේ හනා හිටියෙ ක්ලබ් එකේ උඩ තට්ටුවේ. පහල තට්ටුවේ තරම් සෙනඟක් නොහිටියත් උඩ තිබුණු හැම මේසෙකම දෙන්නා තුන්දෙනා හිටිය නිසා උඩ තට්ටුවත් ටිකක් ඝෝශාකාරී උනා. හනා ඉඳපු මේසෙ හිටියේ හැඩිදැඩි පිරිමි කෙනෙකුයි හනායි විතරයි . හනා පුටුවකින් වාඩිවෙලා ඉද්දි ඒ මනුස්සයා හනාගෙ ඉස්සරහින් හිටගෙන ඔලුව පහත් කරන් හිටියා. හනා තමන්ගේ අතේ තිබුණු පර්ස් එකෙන් සල්ලි මිටියක් අරන් මේසෙ උඩට දෑවේ කිසිම හැඟීමක් නැති මූණෙන්.
" ආයේ වැඩක් තියෙනම් කියන්න මැඩම් "
පිරිමි කෙනා කෑදර විදියට හිනාවෙලා සල්ලි ටික අතට ගන්න ගමන් කියද්දි හනා කලින් මූඩ් එකේ ඉඳන්ම ඔලුව වැනුවා.
පිරිමි කෙනා ආයෙත් හනාට ඔලුව පහත් කරලා දාන් ඉඳපු කැප් එක අතින් හදාගන්න ගමන් පහලට බැස්සෙ ජිමින් ඒ එක්කම උඩට එද්දි . තමන්ව පහුකරන් යන මිනිහා දිහා ජිමින් දෙපාරක් තුන්පාරක්ම හැරිලා බැලුවේ මගදිම හනා එක්ක ඒ මනුස්සයා ඉන්නවා දැකපු නිසා.ජිමින් ආපු බවක් නොදැක්ක හනා වාඩිවෙලා ඉඳපු තැනින් නැගිටලා යන්න හැදුවත් ජිමින් අඩියට දෙකට කෙල්ල ලඟට ගිහින් හනාගෙ අතින් තද කරලා අල්ලගත්තා .
" what the f___
ජිමින් ?"හීනෙකින්වත් මෙතනදි ජිමින්ව බලාපොරොත්තු උනේ නැති නිසා හනා අනිත් අතින් තමන්ගේ ඇස් දෙක පිහිදලා ආයෙත් ජිමින් දිහා බැලුවේ තමන්ට අසනීපයක්වත් හැදීගෙන එනවද කියලා සැකෙන්. හනා ඕනවටත් වඩා කම්ෆියුස් වෙලා හිටියට ජිමින් හිටියේ හනාගේ කම්ෆියුස් වීමටත් එහා ගිය කේන්තියකින්. එහෙමම, වචනයක්වත් කතා නොකර ජිමින් හනාවත් ඇදගෙන පහලට බහින්න ගත්තම හනා ජිමින් අල්ලන් ඉන්න අත දිහා බලලා හිනා උනා.
YOU ARE READING
BlAcK J
Fanfiction"Jungkook ගෙ මාළිගාවෙ ඉන්නවා තව කිරිල්ලියක් . මට ඕන එයාව " " ඒකට මාව මොකටද " " කිරිල්ලි දාපු කූඩුවෙ යතුර ඔයා ළඟ නිසායි ඔයාව ඕන "