වෙඩින් එකේ වැඩ බිස්නස් වැඩ මිශන් වල වැඩ නිසා කොල්ලො හත්දෙනාම හිටියෙ දැනටමත් හොඳ පන ගිහින්. මේ වෙද්දිත් වෙඩින් එකට දින දාගෙන දවස් තුනක් ගෙවිලා ගිහින් තිබුණා .අන්තිමට ජොන්කුක් යුමීව දැකලත් දවස් තුනක් උනා. ඒත් ඒ හැම දවසකම උදේට යුමීට පාට පාට ටියුලිප් මල් බොකි එකක් යවන්න වගේම යුමීගේ අතට ඒක ලැබුණු ගමන් කෝල් එකක් ගන්නත් Jungkook පුරුදු වෙලා හිටියා. යුමීත් මේ වැඩේට පුරුදු වෙලා කවදාවත් නැතුව උදෙන්ම නැගිටින්නත් අරන් තියෙන්නේ දැන්. ජිමින් කම්පැනි එකේ වැඩකට UK ගිය නිසා Mr.Park හිටියෙත් ගෙදර අය එක්කවත් වචනයක් කතා කරන්න නිදහසක් නැතුව. හැමෝම කඩිමුඩියේ වැඩ කරද්දි යුමීනම් සුපුරුදු විදියට යාලුවො තුන්දෙනා එක්ක ජොලියෙ කාලෙ ගෙව්වා. ඔය අතරේ ඉන්විටෙශන් කාඩ් අරව මේවා තෝරන්නත් කෙල්ල මහන්සි නොවුනාම නෙමෙයි .අදත් උදේම ලෑස්ති වෙලා යුමී Jeon Mansion එකට ආවේ වෙඩින් රින්ග් දෙක ගන්න යන්න. ඒකට Jungkook ඕන නිසා කෙල්ල උදේම ආවේ පරක්කු වෙද්දි කොල්ලා අල්ලගන්න බැහැ කියලා දන්න නිසා. කාර් එක ගාර්ඩ්න් එකේ නවත්තපු ගමන් ගාඩ් කෙනෙක් දුවලා ඇවිත් දොර ඇරියම යුමී හිනාවෙලා ගේ ඇතුලට ගියා. කවදාවත් නැති තරමටම මුළු ගෙදරම නිශ්ශබ්දව තියෙද්දි යුමීගෙ අඩි සද්දෙ විතරක් මුලු ගේ පුරාම දෝංකාර දෙන්න ගත්තා .වටපිට බල බලම යුමී ඉස්සරහට ඇවිදගෙන ගියේ සර්වන්ට් කෙනෙක්වත් ඉන්නවදෝ කියලා බලන ගමන්.
" ඔම්මා............. "
එකපාරටම වහල බිමට වැටෙන්න තරමටම ඇහුණු සද්දෙට යුමී ගැස්සිලා ගියේ පපුවත් අල්ලගෙනම කෙල්ල බිත්තියට හේත්තු වෙද්දි.
" හනේ අම්මෝ පපුව "
අත මිටිමොලවලා හිමීට පපුවට තට්ටු කරනගමන් යුමී ඉස්සරහ බලද්දී දැක්කෙ හීල් දෙක එක අතකින් අරන් අනිත් අතින් බාගෙට බ්ලවුස් එක යට කරන ගමන් පහලට එන හනාව.
" ඔම්මා ......අනේ කෝ මගේ අර ඊයෙ ගෙනාපු ෆයිල් එක. අයියෝ හොඳටම පරක්කු වෙලා "
යුමී මේ නාඩගම දිහා බලන් හිටියේ ඇස් දෙකත් ලොකුකරගෙන. යුමීට හිතාගන්න බැරි උනා Jeon Industry එක මේ තරම් හොඳට කොහොමද තාමත් හයි රෑන්ක් වල තියෙන්නේ කියලා .
YOU ARE READING
BlAcK J
Fanfiction"Jungkook ගෙ මාළිගාවෙ ඉන්නවා තව කිරිල්ලියක් . මට ඕන එයාව " " ඒකට මාව මොකටද " " කිරිල්ලි දාපු කූඩුවෙ යතුර ඔයා ළඟ නිසායි ඔයාව ඕන "