හනා හිටියේ අපාර්ට්මන්ට් එකට අයිති පාක් එකේ. සිද්ද උන දෙයින් පස්සෙ Jungkook ආයේ කෙල්ලට යුමීගේ මූණවත් බලන්නෙ දෙන්නෙ නැතුව ටේ ජින් එක්ක අපාර්ට්මන්ට් එකට යැව්ව එකට කම්මුල් පාරට වඩා හනාට රිදිලා තිබුණා. බෙන්ච් එකක වාඩිවෙලා අහස දිහා බලාගෙනම හනා සැරින් සැරේ බර හුස්මවල් පිට කරේ උන හැමදේම ආයෙ ආයෙ හිතන ගමන්.
" මැඩම් මොකද තනියම "
එකපාරටම ඇහුණු හුරුපුරුදු කටහඬ නිසා හනා ඇස් දෙක ලොකු කරගෙනම ඉස්සරහ බැලුවා. සාක්කු දෙකට අත් දෙක දාගෙන තමන්ගේ ඉස්සරහ ඉන්න සන්චොල් දැක්කම කෙල්ලගෙ කටත් භාගෙට ඇරුනෙ මේ වෙලාවෙ සන්චොල් හීනෙකින්වත් බලාපොරොත්තු නොවුණු නිසා. හනාගෙ දිහා බලාගෙන හිනාවෙන ගමන් සන්චොල් ඇවිත් කෙල්ලගෙ එහාපැත්තෙන් වාඩිවෙලා කෙල්ලගෙ කොණ්ඩෙ අවුල් කරලා wink කරා.
" වාහ්හ් ... ඔයා කොහොමද ... ඔහොම ඉන්න; ඔයා බුසාන් ගියෙ නැද්ද "
සන්චොල්ගෙ පැත්තට හැරෙන ගමන් හනා ඇහුවෙ දවස් ගානක ඉඳන් බුසාන් යන්න නිවාඩුවක් ඉල්ල ඉල්ල කොල්ලා පස්සෙන් ආපු විදිය මතක් වෙලා. ඒ උනාට ඒකෙන් උනෙ මෙච්චර වෙලා හිනාවෙවී ඉඳපු සන්චොල්ගෙ මූණ තත්පරෙන් වෙනස් උන එක.
" මේ මොකද මොකක්ද උනේ "
හනාගෙ තුවාල උන තොල දිහා බලලා ඇස් දෙකත් අඳුරු කරගෙන සන්චොල් කෙල්ලගෙ ඇස් දිහා බැලුවම හනා අහක බලාගත්තා. මොකක්ද කියන්නේ ඔයයි ජිමිනුයි එපා කියද්දි මින්ග්යු හමුවෙන්න ගිය නිසා Jungkookගෙන් ගුටි කෑවා කියලද ? හනා තනියම හිනා උනා. ජිමින් වගේම සන්චොල් වෙඩින් එකේදි කෑගහපු විදිය හනාට මතක් උනා.
" මට කියන්න බැරිද හනා "
ආයෙත් සන්චොල් ඇහුවම හනා ඉක්මනට සන්චොල්ගෙ උරහිසෙන් ඔලුව තියාගත්තේ මේ වෙලාවෙ කතා කරන්න ඉන්න එකම යාලුවා නැති කරගන්න බයෙ.
" මින්ග්යු හමුවෙන්න ගිය එක ඔප්පා දැනගෙන ,
.
.
.
.
....................................."හනා උන හැමදේම සන්චොල්ට කිව්වට පස්සෙ සන්චොල් හුස්මක් පිට කරලා හනාගෙ ඔලුවට ඔලුව තියාගත්තා.
" ඒක රිදෙනවද "
හනා අඬලා බර වෙලා තිබුණු නහය උඩට අඳින ගමන් ඔලුවෙ වැනුවෙ නැහැ කියන්න. හනාට සන්චොල් එක්ක තිබුණේ නමක් නැති බැඳීමක් . ඒක යාලුකමක්වත් ආදරයක්වත් නෙමෙයි . හරියට ඒ දෙක අතරමැද නැවතුන නමක් නැති බැඳීමක් . හැබැයි ඒක සන්චොල්ට කොහොමද කියලා හනා දැනගෙන හිටියේ නැහැ . හනාට ඒ ගැන දැනගන්න ඕන උනෙත් නැහැ .
YOU ARE READING
BlAcK J
Fanfiction"Jungkook ගෙ මාළිගාවෙ ඉන්නවා තව කිරිල්ලියක් . මට ඕන එයාව " " ඒකට මාව මොකටද " " කිරිල්ලි දාපු කූඩුවෙ යතුර ඔයා ළඟ නිසායි ඔයාව ඕන "