Chapter 12

563 70 24
                                    

අපේ ජීවිත වල සමහර දවස් තියෙනවා ඒවා ගෙවිලා කොච්චර කල් ගියත් ආයෙ ආයෙම ඒ දවසට යන්න තිබුනනම් , ඒ හැඟීම් ආයෙත් විඳින්න තිබුනනම් කියලා හිතෙන. අදත් එහෙම දවසක් . අද මම මගේ ඉතුරු ජීවිතේ පුරාම මගේ කූ එක්ක ඉන්න පටන්ගන්න පලවෙනි දවස. ඔව් අද තමයි අපේ කතාව අලුත් විදියට ලියවෙන්න ගන්න පලවෙනි දවස. අද තමයි අපි දෙන්නාගෙ වෙඩින් එක. තව පොඩිම පොඩි වෙලාවකින් මගේ ඉස්සරහ තියෙන මේ ලොකු දොර ඇරුනට පස්සෙ මගේ මුළු ජීවිතේම අලුත් ගමනක් යයි ඒකත් මගේ කූ එක්ක.

යුමී හිටියේ වෙඩින්  හෝල් එකේ ලොකු දොර ලඟ හිටගෙන. ජිමින් එක්ක රණ්ඩු වෙවී තෝරගනිපු වෙඩින් ඩ්‍රස් එක ඇදලා ලෑස්ති වෙලා ඉඳපු යුමී වෙනදටත් වඩා කියාගන්න බැරි තරම් ලස්සනට හිටියා . මල් බොකි එක අත් දෙකෙන්ම තද කරලා අල්ලගෙන යුමී වටපිට බැලුවේ මිස්ටර් පාක් එනවද බලන්න. අප්පාගෙ අතින් අල්ලගෙන ඇතුලට යන්න පුළුවන් විදියෙ චාරිත්‍රයක් හදපු කෙනා කවුරු උනත් යුමී මේ වෙලාවෙ ඒ කෙනාට හිතින් පින් දුන්නා. මොකද කොහොම හිටියත් මොනවා කරත් Jungkookගෙ ඉස්සරහට මනමාලියෙක් විදියට යන එක යුමීට වචනෙන් පැහැදිලි කරන්න බැරි හැඟීමක් උන නිසා.

" Princes "

" අප්පා "

ඒ එක්කම ආපු මිස්ටර් පාක් යුමීගේ කම්මුලට අතක් තියලා කෙල්ලගෙ නලලට හාදුවක් දුන්නෙ ඇස් වලට උනන කඳුළු අමාරුවෙන් හංගගන්න ගමන්. මිස්ටර් පාක් කියන්නේ අසීමිතව තමන්ගේ ආදරේ ලමයි දෙන්නටම දෙන තාත්තා කෙනෙක් . හැමවෙලාවෙම  ජිමින් යුමී දෙන්නා මිස්ටර් පාක්ට තමන්ගේ ඇස් දෙක වගේ උනා. ඉතින් අද තමන්ගේ පුංචි කුමාරිකාව වෙන කෙනෙක්ට දෙන්න හිත හදාගන්න එක මිස්ටර් පාක්ට ලේසි වැඩක් නෙමෙයි . හිනාවෙවී තමන්ගේ දිහා බලන් ඉන්න යුමීගේ අතක් අත් දෙකෙන්ම අල්ලගන්න ගමන් මිස්ටර් පාක් කතා කරන්න ගත්තම යුමී තමන්ගේ අප්පාගෙ ආදරේ පිරුණු ඇස් දිහා බලන් හිටියා.

" පාක් යුමී , ඒ නම ඔයාට දැම්මෙ මම . තව පොඩි වෙලාවකින් මගෙන් ලැබුණු නාමෙ ඔයාගෙන් අයින් වෙයි. ඒත් මගෙ පුංචි කෙල්ල මතක තියාගන්න ඔයා හැමදාම අප්පාගෙ යුමී කියලා .මොන දේ වෙනස් උනත් ඒක හැමදාටම එහෙමයි.  මම අද ඔයාව කුකීට දෙනවා තමයි හැබැයි මම කිසිම වෙලාවක මගේ ප්‍රින්සස්ව අතාරින්නේ නැහැ . ඔයාට ඕන වෙලාවක අප්පාව හොයාගෙන අප්පා ලඟට එන්න පුළුවන් තේරුනාද "

BlAcK J Where stories live. Discover now