Prologue

4.8K 387 73
                                    

තවත් වෙහෙසකර දවසක නිමාවක් සමඟින් කිම් ටේහ්‍යුන් එයාගෙ කම්පැනියෙන් එළියට බැස්සා. රාත්‍රියේ සීතල වාතයෙන් හදවත පුරවගන්න හොඳ හුස්මක් ගත්ත එයා ඇස් දෙක පියාගත්තා.

වෙහෙසත්, දුකත් ලියවිලා තිබුනු දෑස් ඊළඟට විවර වුනේ රාත්‍රී අහසට. දිලිසෙමින් තිබුනු තරුකැට දිහා බලලා එයා මදහසක් නැගුවා.

ඒත් ඒ මොහොතට බාදාවක් වෙමින් එයාගෙ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තා.

"හෙලෝ." ටේහ්‍යුන් මළානිකව කිව්වේ එහා පැත්තෙන් එයාට කියන්න යන දේ දැනටමත් දන්න නිසා.

"හොඳයි, මං එන්න හදන්නෙ. ඉක්මනට එන්නම්." කිව්ව ටේහ්‍යුන් කෝල් එක කට් කලා. වෙහෙසකර හුස්මක් හෙළපු එයා ගෙදර යන්න පිටත් වුනා.

* * * * * * * * *

මන්දිරය ඉස්සරහින් කාර් එක නවත්තපු ටේහ්‍යුන් ඉක්මන් ගමනින් ගේ ඇතුලට ගියා.

ඇතුළට අඩිය තිබ්බ හැටියෙම එයාව පිළිගත්තේ පුංචි දරුවෙකුගේ හඬන සද්දෙකින්.

"අනේ සර් එයාව මට සන්සුන් කරන්න බෑ." දරුවගෙ නැනී අසරණව ටේහ්‍යුන්ට කිව්වම ටේහ්‍යුන් යන්තම් හිස වනලා වේගෙන් උඩු මහළට පිවිසුනා.

"ජන්සූ~" කිව්ව ටේහ්‍යුන් ඇඳ මත හිටපු අවුරුදු තුනක් වයසැති දරුවාව එයාගෙ තුරුලට ගත්තා.

"ශ්ශ්.. පැටියෝ~ අඬන්න එපා පපා ආවානෙ දැන්." ටේහ්‍යුන් කිව්වත් ජන්සූ නැළවුනේ නෑ.

"ම්-මමා~ මමා~" දරුවා ඉල්ලන්නෙ එයාගෙ මමාව.

දරුවාගේ හැඬීම එක්ක ටේහ්‍යුන් අසරණ වුනා.

"ඕ කෝ මේ බලන්න ඔයාගෙ බනී බෙයාත් අඬනවා ඔයා අඬන නිසා මේ." ටේහ්‍යුන් කිව්වේ ජන්සුගෙ ආසම බනී ප්ලශී එක පෙන්වමින්. ජන්සු අඬන එක නවත්තලා පුදුමෙන් එයාගෙ බනී බෙයා දිහා බැලුවා.

"කෝ පපා?" ජන්සු ඇහුවේ ටේහ්‍යුන් දිහා බලමින්.

"ආ දැන් එයා අඬන්නෑ ජන්සු බබත් අඬන එක නැවැත්තුවනෙ." ටේහ්‍යුන් කිව්වේ මුහුනට හිනාවක් නගා ගනිමින්. ජන්සු බනී බෙයාව අරගෙන බනී බෙයාගෙ කම්මුල් වලට හාදුවක් දුන්නා.

•°• Cursed Angel •°• ⭐ || (Complete)Where stories live. Discover now