"ආආආආ මොකද තමුසෙ නහයෙන් අඬන්නෙ?!" ටේහ්යුන් කෑගැහුවේ පැසෙන්ජර් ශීට් එකේ එහෙ මෙහෙ ඇඹරෙමින් අකමැත්තෙන් කෙඳිරිගාන ජන්ග්කුක්ට.
ඒ දෙන්නම හිටියේ රාත්රිය මැදින් ටේහ්යුන්ගේ කාර් එකෙන් මන්දිරයට යන ගමන්. ජන්ග්කුක්ව පිටිපස්සෙ ශීට් එකෙන් කොච්චර වාඩි කරවන්න හැදුවත් එයාට පැසෙන්ජර් ශීට් එකේම යන්න ඕන වුනා.
නහයෙන් අඬමින් හිටපු ජන්ග්කුක් එයාව හිර කරලා තිබුනු පටිය, නැත්තන් අපේ භාෂාවෙන් කිව්වොත් ශීට් බෙල්ට් එක පෙන්වමින් ඒක එයාගෙන් ගලවලා දාන්න උත්සාහ කලා.
"ඕක ඇදලා කඩන්න එපා!! ආයිශ්, ඔහොම ඉන්නවා." කිව්ව ටේහ්යුන් පාරටත් සැරින් සැරේ අවධානය යොමු කරමින් තනි අතෙන් සුක්කානම හසුරුවන ගමන් ශීට් බෙල්ට් එකේ බට්න් එක එබුවම ඒක ගැලවුනා.
ජන්ග්කුක් සැනසීමෙන් හුස්මක් හෙලුවේ එයාගෙ හුස්ම හිරකරවන්න හදපු පටිය එයාගෙන් ඉවත් වුනු නිසා.
ඊටපස්සෙ එයාගෙ අවධානය යොමු වුනේ ඉස්සරහා තිබුනු අමුතු අමුතු දේවල් වලට. එයා ඒවා ආසාවෙන් අත ගෑවා.
ඒත් එකපාරටම එයාගෙ අතින් එබුන බට්න් එකක් නිසා මහ සද්දෙන් සිංදුවක් වැටුනා. ටේහ්යුන් නම් හොඳටම ඇති වෙලා එයාගෙ නළල පිරිමැද්දා.
පුදුමයෙන් ඇස් දෙක ලොකු කරන් කැසට් එක දිහා බැලුව ජන්ග්කුක් ඊටපස්සෙ එයාගෙ බනී හිනාවෙන් හිනා වෙමින් සිංදුවේ තාලෙට ශීට් එකේ උඩ පනිමින් නටන්න පටන් ගත්තා. ටේහ්යුන් ජන්ග්කුක්ගේ උඩ ඉඳන් පහළටම බැලුවේ ඇස් දෙක ලොකු කරන්. ඊටපස්සෙ එයා සමච්චලයට හිනා වෙලා පාරට අවධානය යොමු කලේ කොහෙවත් යන එකෙක් නිසා එයාගෙ ලේ පුච්ච ගන්නැතුව ජන්ග්කුක්ට ඕන දෙයක් කරගන්න ඉඩ දීලා.
වැඩි වෙලාවක් ගියෙ නෑ ටේහ්යුන්ගේ ෆෝන් එක රින්ග් වුනා. බ්ලූටූත් එක දාගත්ත එයා කෝල් එක ආන්ස්වර් කලා.
"හෙලෝ."
ඒත් අනිත් පැත්තෙන් කියපුවා ඇහෙන්නෙ නැති වෙන්න තරම් කාර් එක ඇතුලෙ සද්වෙ වැඩියි. ජන්ග්කුක් තවත් ඒකෙ සද්දෙ වැඩි කරලා නටන ගමන් හිටියා.
YOU ARE READING
•°• Cursed Angel •°• ⭐ || (Complete)
Fanfictionශාපලත් සුරදූතයෙකුගේ පෘථිවි ජීවන ගමන පිරිලා තිබුනේ අඳුරෙන් පමණයි. ඒත් අහම්බයෙන් සිදු වුනු සිද්දියක් නිසා එයාගෙ අඳුරු දෛවයට ආලෝකයේ රිදී රේඛාවක බලාපොරොත්තුවක් උදා වුනා. ඒත්.. ඒ ආලෝකයේ රිදී රේඛාව එයාගෙන් ඈත් කරවන්න තරම් එයාට වැදිලා තිබුනු ශාපය ප්රබලය...