04

1.6K 350 155
                                    

පාන්දර නිදා ගත්ත නිසා ටේහ්‍යුන් එවෙලෙම තීරණය කලා ඔෆිස්වත් නොගිහින් ටිකක් දවල් වෙනකන් නිදාගන්න. ඒත් එයාගෙ බලාපොරොත්තු සේරම සුන් කරමින් උදේ අටට විතර ගිරි යටින් කෑගැහීමක් එක්ක එයා අවදිවුනා.

නැගිට ගන්න තියා ඇස් ඇරගන්නවත් බැරි තරමට නිදිමතේ හිටපු එයා මුලින් ඒ කෑගැසීම මගහරින්න උත්සාහ කලත් ඒ කෑගැහීම නම් නවතින පාටක් නෑ.

"ආආහ්!! මොන වදයක්ද මේක!!" කෑගැහුව ටේහ්‍යුන් කොට්ටෙන් කන් දෙක වහගන්න උත්සාහ කලත් ඒකත් අසාර්ථකයි.

ඉවසීමේ සීමාව පැන්න එයා එයාගෙ තුවක්කුව අරගෙන පොළවට වෙඩිල්ලක් තිබ්බා. ඒ සැනෙන් ගිරි යටින් කෑගැසීම නැවතුනා වගේම එයාගෙ කාමරේ දිහාවට වේගෙන් එන අඩි සද්ද කීපයක්ම ඇහුනා. වැඩි වෙලාවක් යන්න කලින් දොර ගාවින් මතු වුනේ එයාගෙ ගාඩ්ලා.

"බොස් ඔයා හොඳින්ද?"

"හොඳින්ද?! තමුසෙලා අරූගෙ කට වැහුවෙ නැත්තන් තමුසෙලයි ඌයි මගෙන් මැරුම් කනවා දැනගන්නවලා!!" ටේහ්‍යුන් කිව්වේ ආයිත් පටන් ගත්ත කෑගැහීම ඇහිලා.

"බොස්, ඒ කොල්ලව නාවන්න සර්වන්ට්ලා ට්‍රයි කරනවා. ඒත් ඒ කොල්ලා එයාව අල්ලන්නවත් දෙන්නෙ නෑ කෑගහනවා." එක ගාඩ් කෙනෙක් කිව්වා.

"ඌව soundproof රූම් එකකට දාලා ලොක් කරපන්. මං ඇහැරිලා ඉන්න වෙලාවට ඒ වැඩේ කරන්න කියපන්." ටේහ්‍යුන් කියලා ආයිත් නිදාගන්න සූදානම් වුනා. ටේහ්‍යුන්ට හිස නමලා ආචාර කරපු ගාඩ්ලා ඉක්මනින් එතනින් ගියේ එයාලගෙ බොස්ට ආයිත් කේන්ති යන්න කලින් ජන්ග්කුක්ගේ සද්දෙ නවත්තන්න.

ජන්ග්කුක්ගේ කෑගැහීම නැවතුනාට පස්සෙ ටේහ්‍යුන් ආයිත් සුවපහසු නින්දකට අවතීර්ණ වෙලා පැය පහක් පමණ සැන්සිල්ලේ නිදාගත්තා. ඊටපස්සෙ අවදි වුනු එයා RT ගෑන්ග් එකට යන්න තීරණය කලේ ලබන සතියෙ තිබුනු මිශන් එකට සූදානම් වෙන්න.

සුපුරුදු පරිදි එයාගෙ පිස්ටල් එකත් පෑන්ට් එකේ රඳවගෙන ලෑස්ති වෙලා එයා පහළට ගියා. ඊටපස්සෙ එයා උදේටයි දවල්ටයි දෙකටම ආහාර ගන්න පටන් ගත්තා.

"ආආආආආආ!!!!!" උඩ තට්ටුවෙන් ඇහුනු ගිරියටින් කෑගහන සද්දෙත් එක්ක ටේහ්‍යුන් කේන්තියෙන් එයාගෙ චොප්ස් ටික් දෙක මේසෙ උඩට දමලා ගැහුවා. ඊටපස්සෙ එයා වේගෙන් හඬ ඇහෙන දිහාවට ගියේ දෙකෙන් එකක් බේරගන්න හිතාගෙන.

•°• Cursed Angel •°• ⭐ || (Complete)Where stories live. Discover now