54

2.2K 354 278
                                    

Flashback

"තමුන් මාව දන්නෑ වගේ රඟපාන එක නවත්තගන්නවා." ටේහ්‍යුන් කිව්වේ යොන්ජුන් දිහා බලලා. යොන්ජුන් අපහසුවෙන් කෙළ ගිලලා බිම බලාගත්තා.

"තමුන් අද මට සේරම කියනවා. තේරුනාද?" ටේහ්‍යුන් ඇහුවත් යොන්ජුන් නිහඬයි.

ටේහ්‍යුන් එයාගෙ ඔඩොක්කුවෙ ඉන්න ටේසුව බිමින් තියලා සෙල්ලම් බඩුවක් අතට දුන්නා.

"ටේසු මමා ගාවට යන්න හ්ම්ම්?" කිව්ව ටේහ්‍යුන් එතනින් නැගිට්ටා.

"තමුසෙ එනවා මාත් එක්ක." යොන්ජුන්ට කිව්ව ටේහ්‍යුන් එතනින් එළියට ගියා.

තද කරලා ඇස් දෙක පියාගත්ත යොන්ජුන් ලොකු හුස්මක් අරන් ළය සැහැල්ලු කරගත්තේ ඊළඟට මුහුණ දෙන්න වෙන දේවල් වලට සූදානමින්. ඊටපස්සෙ සෝෆා එකෙන් නැගිට්ට එයා ටේහ්‍යුන් පස්සෙන් ගියා.

* * * * * * *

"කොහෙද අපි යන්නෙ?" යොන්ජුන් ඇහුවේ ටේහ්‍යුන් එයාවත් කාර් එකෙ දාගෙන කොහේ හරි යන්න හදපු නිසා.

ඒත් ටේහ්‍යුන් නිහඬවම එයාලගෙ ගෙවල් වලට ටිකක් ඈතින් පාර අයිනේ කාර් එක නවත්‍තලා තද කරලා ඇස් දෙක පියාගෙන හොඳ හුස්මක් ගත්තා.

ඊටපස්සෙ එයා යොන්ජුන් දිහා බැලුවා.

"මට සේරම කියන්න යොන්ජුන්. අවුරුදු ගානකට කලින් ඔය දෙන්නම අතුරුදහන් උනේ ආයිත් එන්න නෙමෙයි. එහෙමනෙ? ඔයා කිව්වා මට මතක එහෙම තමයි. එහෙනම් ඇයි මේ?" ටේහ්‍යුන් ඇහුවා.

"මොනවද එහෙ සිද්ද වුනේ?" ටේහ්‍යුන් ඇහුවම මෙච්චර වෙලා ඉස්සරහා ඔහේ බලන් හිටපු යොන්ජුන්ගේ ඇස් ටේහ්‍යුන්ට යොමු වුනා.

"ගොඩක් දේවල් සිද්ද වුනා හියුන්. හැබැයි ඒ එකක්වත්-"

"හොඳ දේවල් නෙමෙයි එහෙමනෙ? මං දන්නවා මගෙ ඒන්ජල් මං නැතුව එහෙ ගොඩක් දුක් විඳින්න ඇති කියලා. ඒත් මට ඒ සේරම දැනගන්න ඕනෙ. ඇයි එයාට මාව මතක නැත්තෙ?" ටේහ්‍යුන් ඇහුවම යොන්ජුන් අපහසුවෙන් කෙළ ගිල්ලා.

"මං ඔයාට මුල ඉඳන් සේරම කියන්නම් හියුන්." යොන්ජුන් කිව්වේ එයාගෙ මතකය අතීතයට ගෙන ගිහින් දීර්ඝ කතාවකට මුල පුරමින්.
.
.
.
.
.
ජන්ග්කුක් වගේම මාත් එහෙ ගිහාම අධිරාජ්‍යයා ගොඩක් සතුටු වුනා. අධිරාජ්‍යයා ගොඩක් ආදරෙයි ජන්ග්කුක්ට. නපුරු උප බිසව නිසා එයාගෙ දරුවට නිකරුනේ ශාපයක් නිසා දුක්විඳින්න වෙන එක ගැන අධිරාජ්‍යයා මේ අවුරුදු ගානෙම පසුතැවිලා.

•°• Cursed Angel •°• ⭐ || (Complete)Where stories live. Discover now