ටේහ්යුන් හිටියේ විසිත්ත කාමරේ වාඩි වෙලා සුපුරුදු පරිදි එයාගෙ ඔෆිස් එකේ වැඩ කරමින්.
"Good morning මිස්ටර් කිම්."
එයාට ඇහුන සුබ පැතීම එක්ක ටේහ්යුන් හිස ඔසවලා ආපු කෙනා දිහා බැලුවා. ඇවිල්ලා හිටියේ ජන්ග්කුක්ගේ therapist. ටේහ්යුන් කිසිම ප්රතිචාරයක් නොදක්වා එයාගෙ වැඩේට ආයිත් හිත යොමු කරහම එයාගෙ හිනාව අතුරුදහන් වුනා. උගුර පාදපු therapist ආයිත් කතා කරන්න පටන් ගත්තා.
"අහ්ම් කොහෙද ඔයාලගෙ බනී?" එයා ආයිත් හිනා මූනක් මවාගෙන ඇහුවේ බලාපොරොත්තු සහගතව.
"එහෙම එකෙක් දැන් මෙහෙ නෑ. තමුන්ගෙ චාජ් මං ගෙවලා ඇති. ආයිත් තමුන්ව මෙහෙට ඕනෙ නෑ." ටේහ්යුන් හිස ඔසවන්නෙම නැතුව සැරෙන් කිව්වම එයාගෙ හිනාව ආයිත් අතුරුදහන් වුනා.
"ඇ-ඇයි එයාට මොකද උනේ?" මේ වතාවෙ therapist ඇහුවේ ටිකක් බයෙන්. ටේහ්යුන් කේන්තියෙන් හුස්මක් හෙළුවා.
"මං දැන් මොකටද ඒවට තමුසෙට උත්තර දෙන්නෙ? මං දැන් කෙලින්ම කිව්වනෙ තමුන්ව මෙහෙට ආයිත් ඕනෙ නෑ කියලා. තමුන්ට ඒ වගේ දෙයක්වත් තේරෙන්නැද්ද? මහ ලොකු therapist." අන්තිම ටික තමන්ටම මුමුණ ගත්ත ටේහ්යුන් ආයිත් එයාගෙ වැඩේට අවධානය දුන්නා. Therapist අපහසුවෙන් කෙළ ගිල්ලා. මොකක් උනත් උදේ පාන්දර ටේහ්යුන්ගේ මූඩ් එක අව්ල් ගිහින් තියෙන්නෙ කියලා එයාට තේරුනා.
වාසනාවට එතනට ජින් ආවා. එයා දොරකඩ ඉඳන් therapist ට ඇතුළට එන්න කිව්වම එයා ටේහ්යුන් දිහා බයෙන් බලමින් හිමින් එතනින් මරු වුනා.
"හම්මේ මිස්ටර් කිම්ට අද උදේම වැහිච්ච යකා මොකාද?" Therapist ඇහුවේ ඉහින් කනින් බේරෙන දාඩිය පිසිමින්.
"අහ් බනීගෙ අතින් ඊයෙ රෑ පොඩි වැරැද්දක් උනා. ඇත්තටම පොඩි නෙමේ ලොකු බරපතළ එකක්. අද උදේ ඉඳන් එයා අපිට සළකන්නෙත් ඔහොම තමා." ජින් කිව්වේ therapist ව ජන්ග්කුක්ගේ කාමරයට එක්කන් යමින්.
"අහ් ගුඩ් නිව්ස් එකක් තියෙනවා කියන්න. බනීට දැන් හොඳ සිහිය ඇවිල්ලා." ජින් කිව්වම therapist සතුටින් හිනා වුනා.
"හපොයි කොච්චර ලොකු දෙයක්ද?"
* * * * * * * * * * * *
YOU ARE READING
•°• Cursed Angel •°• ⭐ || (Complete)
Fanfictionශාපලත් සුරදූතයෙකුගේ පෘථිවි ජීවන ගමන පිරිලා තිබුනේ අඳුරෙන් පමණයි. ඒත් අහම්බයෙන් සිදු වුනු සිද්දියක් නිසා එයාගෙ අඳුරු දෛවයට ආලෝකයේ රිදී රේඛාවක බලාපොරොත්තුවක් උදා වුනා. ඒත්.. ඒ ආලෝකයේ රිදී රේඛාව එයාගෙන් ඈත් කරවන්න තරම් එයාට වැදිලා තිබුනු ශාපය ප්රබලය...