26

1.7K 334 157
                                    

"ටේ මොනවද ඔයා කල්පනා කරන්නෙ?" ජින් ඇහුවෙ කුස්සියට එන ගමන්. කවදාවත් නැතුව කුස්සියට වෙලා හතරවටේ බලමින් කල්පනා කරන ටේහ්‍යුන්ව දැකලා එයා පුදුම වුනා.

"අ-අහ් මුකුත් නෑ." කිව්ව ටේහ්‍යුන් යන්න හැදුවත් ජින් එයාව අල්ලලා නතර කරගත්තා.

"මොකද උනේ? මොකුත් නැති වෙන්න විදිහක් නෑ?" ජින් කිව්වත් ටේහ්‍යුන් ඒක කියාගන්න බැරුව එයාගෙ ඇස් මගාරිනවා කියලා ජින්ට තේරුනා.

"Relax වෙන්න ටේ. කවුරුත් ඔයාව ජජ් කරන්නෙ නෑ. ඔයාට පුලුවන් මාත් එක්ක කතා කරන්න." ජින් කරුණාවන්තව කිව්වම ටේහ්‍යුන් බිම බලාගෙන හුස්මක් හෙළුවා.

ඊටපස්සෙ ඒ දෙන්නම හිටියෙ උද්‍යානයේ බංකුවෙ වාඩි වෙලා.

"ඉතින්?" ජින් ඇහුවේ අවකාශය දිහා බලන් ඉන්න ටේහ්‍යුන්ගෙන්.

"මොකද්ද ඔයාගෙ හිතට වද දෙන්නෙ?" ජින් ආයිත් ඇහුවේ පිළිතුර දැනටමත් අනුමාන කරමින්.

"ජන්ග්කුක්." ටේහ්‍යුන් කිව්වම ජින් හිස වැනුවේ එයා අනුමාන කරපු දේ හරිගිය නිසා. ටේහ්‍යුන් දිගටම කතා කරනකන් එයා බලන් හිටියා.

"ඇයි එයා මේ ලෝකෙට ඇවිත් තියෙන්නෙ, සැප විඳින්න ඕන කෙනෙක් ඇයි මෙහෙම දුක්විඳින්නෙ, ඇයි එයා මට අ-ආදරේ කලේ, ඇයි එයා දැන් මෙහෙම හැසිරෙන්නෙ, මේ ප්‍රශ්න ඔක්කොටම මට උත්තර ඕනෙ ජින්. මට නිකන් පිස්සු වගේ." කිව්ව ටේහ්‍යුන් ලොකු හුස්මක් අරන් හෙළුවේ අපහසුවෙන් කෙළ ගිලිමින්.

"මගෙ හිතේ ලොකු හිස්තැනක් තියෙනවා වගේ දැනෙනවා. මොකක් හරි ලොකු දෙයක් මට මගඇරිලා තියෙනවා කියලා ඇයි මට හිතෙන්නෙ ජින්? මගෙන් මොකක් හරි ලොකු දෙයක් එයාලා හංගනවා." ටේහ්‍යුන් කිව්වම ජිනුත් නළල රැළි කරගත්තේ එයාටත් මේ දේ නොතේරුන නිසා. ජන්ග්කුක් මේ තත්ත්වෙට පත් වෙන්න හේතුවවත් එයාලා දන්නෙ නෑ. යොන්ජුන් කිව්ව විදිහට එදා සිද්ධියෙන් වුන කම්පනයත්, ටේහ්‍යුන් මාස ගානක් එයා ගාවට ආවෙ නැති නිසා ඇතිවුන දුකත් ජන්ග්කුක්ගේ හැසිරීමට හේතුව කිව්වත් ඒක පිළිගන්න එයාලා මැළි වුනේ දිවිනසා ගන්න තරම් ඒ වගේ දෙයක් ජන්ග්කුක්ට බලපෑවා කියලා හිතාගන්න බැරි වුන නිසා. හැමෝගෙම හිත්වල මේ නොවිසඳුනු ප්‍රෙහෙලිකාව තිබුනත් එයාලා ඒක ගැන හොයන්න ගියෙ නැත්තෙත් ඒකෙන් තත්ත්වය තවත් නරක අතට හැරෙයි කියලා තිබුන බය නිසා. ඒ වෙනුවට එයාලා ජන්ග්කුක්ට උදව් කලා මේ තත්ත්වයෙන් මිදෙන්න.

•°• Cursed Angel •°• ⭐ || (Complete)Opowieści tętniące życiem. Odkryj je teraz