මේ එයාලගෙ වෙඩින් නයිට් එක.
ජන්ග්කුක් හොඳටම ඇති වෙලා හුස්මක් හෙළුවා.
නෑ, ඔයාලා බලාපොරොත්තු වුනා වගේම ජන්ග්කුකුත් බලාපොරොත්තු වුන දේ නෙමෙයි සිද්ද වෙන්නෙ.
හොටෙල් රූම් එකම කළුවරේ ගිලිලා තිබුනා වගේම දැන් පැය ගානක් තිස්සෙ එයාගෙ පපුවට තුරුල් වෙලා එයාගෙ පපුව කඳුලු වලින් තෙත් කරන ටේහ්යුන්ගේ හිස කෙස් අතරින් එයා ඇඟිලි ගෙනගියා. එතකොටයි එයා හොඳටම ඇති වෙලා හුස්මක් හෙළුවෙ.
"ටේහ්යුන්ගී~ මං දැන් කොච්චර කිව්වද ආ?මං ඔයාව ආයිත් දාලා යන්නෙ නෑ~" ජන්ග්කුක් මේ කිව්වෙ දහස් වෙනි වතාවට. ඊටපස්සෙ එයාගෙ පපුවෙන් ඔලුව ඉස්සුව ටේහ්යුන් පොඩි එකෙක් වගේ මූන හකුළන් එයා දිහා බලන් හිටියා.
ජන්ග්කුක්ට හිනත් ගියා. එයා වෙඩින් නයිට් එකේදි බලාපොරොත්තු වුනේ මේ ටේහ්යුන්ව නෙමේ. ඇත්තටම එයා ලොකු ලොකු දේවල් බලාපොරොත්තුවෙන් ගොඩක් උද්යෝගයකිනුයි හිටියෙ. එයා ජන්සුවයි ටේසුවයි මෙහෙ නොගෙනාවෙත් ඒ නිසා.
ඒත් ටේහ්යුන් කලේ ආපු වෙලේ ඉඳන් එයාට හෙල්ලෙන්නෙවත් බැරි විදිහට එයාගෙ ඇඟ උඩින් කකුලකුත් දාගෙන, එයාට තුරුල් වෙලා, එයාව තද කරලා බදාගෙන පපුව අස්සෙ මූන හංගගෙන අඬපු එක.
"ඇත්තටම?" ටේහ්යුන් ඇහුවම හිනා වුනු ජන්ග්කුක් ටේහ්යුන්ගේ කම්මුල් මිරිකුවා.
"ඔව්~ ඔයාම මාව එලෙව්වත් මං යන්නෑ." ජන්ග්කුක් කිව්වා.
"මං ඔයාව එළවන්නෙ නෑ!" කෑගැහුව ටේහ්යුන් ආයිත් මූන හකුළගෙන හරිබරි ගැහිලා ජන්ග්කුක්ගේ පපුවට ඔලුව තියාගත්තම ජන්ග්කුක්ට හිනා ගියා.
තවත් ටික වෙලාවක් නිහඬවම ගෙවුනා. ජන්ග්කුක් ජනේලෙන් පේන රාත්රී අහස දිහා බලාගෙන ටේහ්යුන්ගේ ඔලුව තවත් එයාගෙ පපුවට තුරුලු කරගෙන හිමින් එයාගෙ හිස අතගෑවා.
"අර තඩි හා පැටියට ඔයාගෙ කිරි දැන් දෙන්න එපා love. තව මාසෙකින් දෙකකින් එයාට අවුරුදු හතරයි." ටේහ්යුන් කිව්වේ එයාගෙ නහයට දැනෙන කිරි සුවඳ විඳිමින්. ජන්ග්කුක් මූන හකුළ ගත්තා.
VOUS LISEZ
•°• Cursed Angel •°• ⭐ || (Complete)
Fanfictionශාපලත් සුරදූතයෙකුගේ පෘථිවි ජීවන ගමන පිරිලා තිබුනේ අඳුරෙන් පමණයි. ඒත් අහම්බයෙන් සිදු වුනු සිද්දියක් නිසා එයාගෙ අඳුරු දෛවයට ආලෝකයේ රිදී රේඛාවක බලාපොරොත්තුවක් උදා වුනා. ඒත්.. ඒ ආලෝකයේ රිදී රේඛාව එයාගෙන් ඈත් කරවන්න තරම් එයාට වැදිලා තිබුනු ශාපය ප්රබලය...