මාස 3 කට පසු
මූන හකුළ ගත්ත ජන්ග්කුක් මාස නවයක් වුනු එයාගෙ විශාල baby bump එකත් උස්සගෙන බැරි බැරි ගාතේ කණ්ණාඩිය ඉස්සරහට ගියා.
"මට දැන් මේ කිසිම ඇඳුමක් අඳින්න බෑනෙ." ජන්ග්කුක් තනියම මිමිණුවේ ටේහ්‍යුන්ගේ ශර්ට් එකක්වත් එයාට ඇඳගන්න බැරි තරමට එයාගෙ බඩ ලොකු වෙලා තියෙනවා දැකලා.
"මං ඔයාගෙ අප්පත් එක්ක තරහයි ජන්සු." ජන්ග්කුක් දුකින් මිමිණුවා.
ජන්සු, ඒක තමයි එයාලා බබාට දාන්න හිතන් ඉන්න නම. එයාලගෙ බබා එයාලව දාලා යන්නෙ නෑ කියලා ජන්ග්කුක්ගේ හිත හදලා හදලා අන්තිමේදි ටේහ්‍යුන් බබාට නමක් දාන්න ජන්ග්කුක්ගෙන් අවසර ගත්තා. ඒ වගේම ඒ නම දැම්මෙ ටේහ්‍යුන්. 'Long life' කියන තේරුමින් 'ජන්සු' කියලා ටේහ්‍යුන් බබාට නම තිබ්බේ එයාලගෙ චූටි ඒන්ජල් එයාලා එක්ක ගොඩක් කල් ජීවත් වෙනවා කියන එක ජන්ග්කුක්ට තවත් ස්ථිර කරවමින්.
"ඔයාගෙ අප්පා මේ දවස් ටිකේම මාව මග ඇරලා මොකක් හරි හොර වැඩක් කරනවා. එයාට ඔයාව වත් මතක නෑ." ජන්ග්කුක් මූන හකුළන් කිව්වා.
ඊටපස්සෙ එයා එතනින් අතුරුදහන් වෙලා මතුවුනේ ටේහ්‍යුන්ගේ ක්ලොසට් එක ගාවට. ක්ලොසට් එක තිබුනෙ ඒ කාමරේම වුනත් පොඩි දුරක්වත් ඇවිදගන්න බැරි තරමට ජන්ග්කුක් උසුල ගෙන හිටියේ ලොකු බරක්.
ටේහ්‍යුන්ට තිබුනු ලොකුම හූඩි එක තෝරලා ගත්ත ජන්ග්කුක් ඒක අඳින්න සූදනම් වුනා.
ඇඳන් හිටපු උඩු ඇඳුම එයා ගැලෙව්ව හැටියෙම කාමරේ දොර ඇරගෙන ඇතුළට ආවේ ටේහ්‍යුන්.
"Love-"
"ආආආ!"
කෑගැහුව ජන්ග්කුක් ක්ෂණිකයෙන් ඇඳෙන් මතු වෙලා බ්ලැන්කට් එක ඔලුවෙ ඉඳන්ම පොරවගත්තේ එයාගෙ ඇඟ වැහෙන්න. ටේහ්‍යුන් ඇස් දෙක රෝල් කරා.
ESTÁS LEYENDO
•°• Cursed Angel •°• ⭐ || (Complete)
Fanficශාපලත් සුරදූතයෙකුගේ පෘථිවි ජීවන ගමන පිරිලා තිබුනේ අඳුරෙන් පමණයි. ඒත් අහම්බයෙන් සිදු වුනු සිද්දියක් නිසා එයාගෙ අඳුරු දෛවයට ආලෝකයේ රිදී රේඛාවක බලාපොරොත්තුවක් උදා වුනා. ඒත්.. ඒ ආලෝකයේ රිදී රේඛාව එයාගෙන් ඈත් කරවන්න තරම් එයාට වැදිලා තිබුනු ශාපය ප්රබලය...