කලින් කිව්වා වගේ අද දවස ටේහ්‍යුන්ට කාර්යබහුල දවසක්. උදේ වරුවම මොඩර්ස්ලගෙ ඉන්ටර්විව් එයාගෙ කාර්ය මණ්ඩලය මෙහෙයවෙව්වා වගේම ප්‍රධාන නිරූපණ ශිල්පියාව තෝරන්න දැන් ටේහ්‍යුනුත් සහභාගී වෙලා තිබුනා.
උදේ කන්නවත් වෙලාවක් නොතිබුනු එයාට දැන් දැනුනේ තද බඩගින්නක්. ඒත් එයා ඒක මගහරිමින් මීටින් එකේ හිටියා.
"සර්, ඔයා කෙනෙක්ව තේරුවද?" එක්කෙනෙක් ඇහුවා.
"මේ එක්කෙනෙක්වත් හරි යන්නෑ." ටේහ්‍යුන් කිව්වේ ලැබිලා තිබුනු නාමලේඛනයත් ෆොටෝසුත් බලමින්.
"මේ අවුරුද්දෙ මේන් මොඩ්ල් හොඳම කෙනා වෙන්නෝනෙ. මං ඒම් කරන්නෙ මේ අවුරුද්දෙ අවර්ඩ් එකට. මෙතන ඉන්න එක්කෙනෙක්ටවත් ඒක කරන්න පුලුවන් කියලා මට නම් පේන්නෑ." ටේහ්‍යුන් කිව්වේ හුස්මක් හෙළමින්.
"ඒත් සර්, මෙතන ඉන්නෙ කොරියාවෙ හොඳම මොඩර්ල්ස්ලා. මෙයාලගෙන් එක්කෙනෙක්ව තමා-" ඒ අධ්‍යක්ෂවරයා කියන එක නැවතිලා දොර දිහා ඇස් ලොකු කරන් බලන් හිටියා. මීටින් රූම් එක පුරාම පුදුමයටත් පත් හඬවල් ඇහෙනකොට ටේහ්‍යුන් නළල රැළි කරගත්තා. එයා දැක්කා එයාගෙ උරිස්ස උඩින් කට්ටියම එයාගෙ පිටිපස්ස බලනවා කියලා.
"මොකද උනේ?" ටේහ්‍යුන් ඇහුවත් කිසිම කෙනෙක් නැහැ එයාට ප්‍රතිචාරයක් දැක්වුවේ. ව්‍යාකූල වුනු ටේහ්‍යුන් එයාගෙ කැරකෙන පුටුව කරකවලා පිටිපස්සෙ තිබුනු දොර දිහා බැලුවා.
දොර ගාව හිටපු කෙනාව දැක්ක ටේහ්‍යුන් පුදුමයෙන් ඇස් දෙක ලොකු කරගත්තා. ඒ වෙන කවුරුත් නෙමෙයි ජන්ග්කුක්.
"තමුසෙ? තමුසෙ මොකද මෙහෙ?" ටේහ්‍යුන් කිව්වේ එයාගෙ පුටුවෙන් නැගිටලා දොර දිහාවට වේගෙන් යමින්.
මෙච්චර වෙලා අළු පාට බෝල ඇස් කරකවමින් බයෙන් වටපිට බලමින් හිටපු ජන්ග්කුක් ටේහ්‍යුන්ව දැක්ක හැටියෙම එයාගෙ බනී හිනාවෙන් හිනා වෙලා සතුටින් ඉපිලුනා. ටේහ්‍යුන් ළඟට ආපු හැටියෙම එයා කලේ එයා අතේ තිබුනු බෑග් එක ටේහ්‍යුන්ට දික් කරපු එක.
"අ-අයියෝ සර් එයා මෙහෙටද ආවෙ. I'm sorry සර් මං එයාව එක්කන් යන්නම්." එයාගෙ සෙකට්‍රි ජීසු එතනට වේගෙන් දුවගෙන ඇවිත් ජන්ග්කුක්ව ඇදන් යන්න හැදුවත් ටේහ්‍යුන් එයාව නැවැත්තුවා.
VOCÊ ESTÁ LENDO
•°• Cursed Angel •°• ⭐ || (Complete)
Fanficශාපලත් සුරදූතයෙකුගේ පෘථිවි ජීවන ගමන පිරිලා තිබුනේ අඳුරෙන් පමණයි. ඒත් අහම්බයෙන් සිදු වුනු සිද්දියක් නිසා එයාගෙ අඳුරු දෛවයට ආලෝකයේ රිදී රේඛාවක බලාපොරොත්තුවක් උදා වුනා. ඒත්.. ඒ ආලෝකයේ රිදී රේඛාව එයාගෙන් ඈත් කරවන්න තරම් එයාට වැදිලා තිබුනු ශාපය ප්රබලය...