"V!! අපේ එකෙක් අපිට ද්‍රෝහි උනා. ඌ අපේ ඩ්‍රග්ස් ටික අරගෙන පැනලා යනවා."
දොරත් ඇරන් වේගෙන් ඇතුළට ආපු කෙනා කිව්වම සිගරට්ටුවක් උරමින් වාතයට දුම් පිට කරමින් අතේ තිබුනු පිස්තෝලයේ හැඩ බලමින් හිටපු V තමන් කරමින් හිටපු ක්‍රියාව අතරමඟ නතර කරලා ආපු කෙනා දිහා බැලුවා.
"කවුද ජැක්ද?" V ගානක් නැතුව ඇහුවම ආපු කෙනා පුදුම වුනා.
"බ්-බොස් දන්නවද ඒ ගැන?"
"තමුසෙලා වගේ මෝඩයෝ ටිකකට ඒක නොතේරුනාට ඌව මෙහෙට ගත්ත දවසෙම ඌ ගැන මං දැනගත්තා. ඌ මේ ෆීල්ඩ් එකට අලුත් එකෙක්. ඕන ගොන් වැඩක් ලේසියෙන්ම කරන එකෙක්. මේ වගේ එකක් මං උගෙන් බලාපොරොත්තු උනා." කිව්ව V සිගරට් එක විසික් කරලා පුටුවෙන් නැගිට්ටා.
V, නැත්තන් අපි කිව්වොත් කිම් ටේහ්‍යුන් කියන්නෙ කොරියාවේ ප්‍රසිද්ධ RT කියලා කෙටියෙන් හඳුන්වන Red Tiger මාෆියා ගෑන්ග් එකේ ලීඩර්. V කියන්නෙ එයාගෙ මාෆියා name එක. ඒත් මුලු කොරියාවම මෙයාව දන්නෙ කිම් කම්පැනි එකේ සභාපති විදිහටයි. මෙයාට අවුරුදු 27 යි. කවුරුත් දන්නෙ නෑ කිම් කම්පැනි එකේ සභාපති තමයි RT එකේ ලීඩර් කියලා.
"ඌව ඉවරයක් කරන්න යමු." V කිව්වා.
"පොඩ්ඩක් ඉන්න V, ඔයා ඕකට බොරුවට යන්න ඕනෙ නෑ. අපි ඌ ගැන බලාගන්නම්." V ගේ දකුණු අත වුනු නම්ජුන් කිව්වම V හිස දෙපැත්තට වැනුවා.
"කාලෙකින් ඇඟේ හිරි අරගත්තෙ නෑ." කිව්ව V එයාගෙ පිස්ටල් එක පෑන්ට් එකේ රඳවලා තිබුනු පිස්ටල් කොපුවට දාලා යන්න පිටත් වුනා.
* * * * * * * * *
රෑ එකොලහ මාරයි. ඩ්‍රග් පැකට් ටිකක් සූට් කේස් එකට දාගෙන ජැක් හිටියේ සැක නොහිතෙන විදිහට සාමාන්‍ය මිනිහෙක් වගේ පාරෙ ඇවිදගෙන යනගමන්. හැබැයි එයාගෙ ගමන වේගවත් වගේම ඇස් වටේම ගමන් කලේ ගොඩක් කලබලෙන්. එයාගෙ ගමනාන්තයට තව වැඩි දුරක් තිබුනෙ නෑ. ඒත්..
DU LIEST GERADE
•°• Cursed Angel •°• ⭐ || (Complete)
Fanfictionශාපලත් සුරදූතයෙකුගේ පෘථිවි ජීවන ගමන පිරිලා තිබුනේ අඳුරෙන් පමණයි. ඒත් අහම්බයෙන් සිදු වුනු සිද්දියක් නිසා එයාගෙ අඳුරු දෛවයට ආලෝකයේ රිදී රේඛාවක බලාපොරොත්තුවක් උදා වුනා. ඒත්.. ඒ ආලෝකයේ රිදී රේඛාව එයාගෙන් ඈත් කරවන්න තරම් එයාට වැදිලා තිබුනු ශාපය ප්රබලය...