එයාගෙ කැබින් එකේ දොරට තට්ටු කරන සද්දයක් ඇහෙනවත් එක්කම ටේහ්යුන් හුස්මක් හෙළුවා.
"Come in." ටේහ්යුන් කිව්වේ එයා කර කර හිටපු වැඩෙන් අවධානය වෙනතකට නොගෙන. දොර අරින සද්දයත් ළඟට එන සද්දෙත් ඇහුනත් ඊටපස්සෙ කිසිම ශබ්දයක් ඇහුනෙ නැති නිසා ටේහ්යුන් ව්යාකූලව ඔලුව උස්සලා බැලුවා. ඇවිත් හිටියේ ජන්ග්කුක්.
ටේහ්යුන් දැක්කා ජන්ග්කුක් මූනත් බෙරි කරගෙන අඬන්න ආසන්නව ඉන්න විදිහ.
"මොකද?" ටේහ්යුන් ඇහිබැමක් උස්සලා ඇහුවත් එයාව හොඳටම බය කරමින් ඊළඟට ජන්ග්කුක් හයියෙන් අඬන්න පටන් ගත්තා.
"ම්-මේ මොකද?" ටේහ්යුන් ඇහුවේ පුටුවෙන් නැගිටිමින්.
"ආයිශ්." කිව්ව ටේහ්යුන් යොන්ජුන්ට කෝල් එකක් අරන් එතනට එන්න කිව්වා.
"මෙයාට මක් වෙලාද?" එතනට ආපු යොන්ජුන්ගෙන් ටේහ්යුන් ඇහුවම යොන්ජුන් ජන්ග්කුක්ව සනසමින් ජන්ග්කුක්ගෙන් ඒකට උත්තරයක් ගන්න උත්සාහ කලා. ටේහ්යුන් මේ දිහා බලන් හිටියේ ලොකු තරහකින්.
ජන්ග්කුක් මොනවාදෝ සංඥා ටිකක් කරහම යොන්ජුන් දුකින් ජන්ග්කුක් දිහා බැලුවා.
"හියුන් ඇයි ඔයා එයාව මොඩ්ලින් වලින් අයින් කලේ? එයා අහනවා එයා ඒකට හොඳ මදිද කියලා."
"මදි නෙමෙයි වැඩී." ටේහ්යුන් හිමින් මිමිණුවම හොඳ වෙලාවට යොන්ජුන්ට ඒක ඇහුනෙ නෑ.
"එයාට ඒක කරන්නම ඕනෙලු හියුන්." යොන්ජුන් ආයිත් කිව්වා.
"ඒක කරන්න බෑ. දැනටම වෙන කෙනෙක්ව දාලා ඉවරයි." ටේහ්යුන් කිව්වම ඊළඟ මොහොතේ ටේහ්යුන් පුදුම වුනේ ජන්ග්කුක් එයාගෙ අත් දෙකෙන්ම අල්ලගෙන මොනවද කියන්න උත්සාහ කරන විදිහ දැකලා. ජන්ග්කුක් යොන්ජුන්ටත් මොනවහරි කිව්වා.
යොන්ජුන් කනස්සල්ලෙන් ජන්ග්කුක් දිහා බලලා ආයිත් ටේහ්යුන් දිහා බැලුවා.
"ප්ලීස් හියුන්, එයාව ඒකට දාන්න. එයා ගොඩක් ඉල්ලනවා." යොන්ජුන් කිව්වම ටේහ්යුන් ජන්ග්කුක් දිහා බැලුවා. අළු පාට ඇස් වල දිලිසෙන ලොකු කඳුලු බිංදු දැක්කම එයාට විරුද්ධ වෙන්න හිතුනෙ නෑ. එයා හුස්මක් හෙලුවා.
VOUS LISEZ
•°• Cursed Angel •°• ⭐ || (Complete)
Fanfictionශාපලත් සුරදූතයෙකුගේ පෘථිවි ජීවන ගමන පිරිලා තිබුනේ අඳුරෙන් පමණයි. ඒත් අහම්බයෙන් සිදු වුනු සිද්දියක් නිසා එයාගෙ අඳුරු දෛවයට ආලෝකයේ රිදී රේඛාවක බලාපොරොත්තුවක් උදා වුනා. ඒත්.. ඒ ආලෝකයේ රිදී රේඛාව එයාගෙන් ඈත් කරවන්න තරම් එයාට වැදිලා තිබුනු ශාපය ප්රබලය...