06

1.5K 341 93
                                    

"කායි." ටේහ්‍යුන් ඇමතුවේ දැන් එයාගෙ කාර් එක මැන්ශන් එකට පදවන එයාගෙ ගාඩ්ට.

"ඔව් බොස්." කායි කිව්වේ රේර් මිරර් එකෙන් ටේහ්‍යුන් දිහා බලමින්.

"ඔයාගෙ සෙට් එක ලබන සතියෙ වැඩේට රෙඩි නේද? RM ට උදව් කරන්න හරිද? කම්පැනියෙ වැඩ නිසා මට ලබන සතියෙම ගෑන්ග් එක පැත්ත බලන්නවත් එන්න බැරි වෙයි." ටේහ්‍යුන් කිව්වම කායි හිනා වුනා.

"Okay බොස්. බොස් ඒ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. අපි ඒ ගැන බලාගන්නම්. බොස් කම්පැනියෙ වැඩ ටික බලාගන්න." කායි කිව්වම ටේහ්‍යුන් හිස වැනුවා.

එයාලා ඉක්මනින් මන්දිරයට ළඟා වුනා.

කාර් එකෙන් බැස්ස ටේහ්‍යුන් මන්දිරයට ඇතුලු වෙනකොටම දැක්කේ හා පැටියෙක් වගේ උඩ පනිමින් එයා දිහාවට එන ජන්ග්කුක්ව. ටේහ්‍යුන්ගේ මූනෙ නොදැනීම මඳහසක් නැගුනේ ඒ හුරතල් කමට. එයාගෙ මහන්සිය ඒ බනී හිනාව දැක්කම නැති වුනා. එයා හිතුවා හැමදාම මේ වගේ එයා වැඩ ඇරිලා මන්දිරයට එනකොට මේ දර්ශනය මේ විදිගටම බලගාන්න පුලු-

"මොකක්! මොනවද මේ හිතන්නෙ? ආයිශ්! මටත් දැන් පිස්සු හැදීගෙන එනවද කොහෙද." කිව්ව ටේහ්‍යුන් ක්ෂණිකයෙන් එයාගෙ හිනාව නැති කරගත්තා.

මොකක් හරි පිටිපස්සෙ හංග ගෙන එයාගෙ පිටිපස්සෙන් එන ජන්ග්කුක් දිහා එයා ඇස් කොනෙන් බැලුවා.

"මගෙ පස්සෙන් එන්න එපා~ යනවකො යන්න~" ටේහ්‍යුන් කිව්වේ කාමරයට ඇතුලු වෙමින්. ඒත් එයා දොර වහන්න කලින් ජන්ග්කුක් ඇතුළට රිංග ගත්තා.

ටේහ්‍යුන් හුස්මක් හෙළලා එයාගෙ කෝට් එක ගැලෙව්වා. ඊටපස්සෙ එයා බැලුවේ හා දත් සෙට් එකම ප්‍රදර්ශනය කරමින් එයා දිහා බලන් ඉන්න ජන්ග්කුක් දිහා. එයාට හිනත් ගියා.

"ඔය පෙන්නන්න තියෙන එක පෙන්නලා ඉක්මනට යනවා." ටේහ්‍යුන් කිව්වේ එයාගෙ ශර්ට් එකේ බොත්තම් එකින් එක ගල්වමින්.

ජන්ග්කුක් එයා හංගන් හිටපු එක එළියට අරන් පෙන්නුවා. ඒ කොළ කෑලි වලින් හදපු ලස්සන කුරුල්ලෙක්. ටේහ්‍යුන් ඒක දිහා ටිකක් වෙලා බලන් හිටියා.

•°• Cursed Angel •°• ⭐ || (Complete)Where stories live. Discover now