22

1.7K 335 189
                                    

සති කිහිපයකට පසු

"කුක් මං හියුන්ට සේරම කියනවා. මට බෑ තවත් ඔයා මෙහෙම දුක්විඳිනවා බලන් ඉන්න." යොන්ජුන් කිව්වේ එක දවසක් උදේ ජන්ග්කුක්ට කෑම අරන් එද්දි. ජන්ග්කුක් කොච්චර නම් ටේහ්‍යුන්ගේ ආදරය ස්පර්ශය නැතුව කඩන් වැටිලද කියලා දකිද්දි යොන්ජුන්ට තවත් ඉවසන්න බැරි වුනා.

යොන්ජුන්ගෙ වචන අහපු ජන්ග්කුක් ඒ ක්ෂණිකයෙන් යොන්ජුන්ගෙ අත් දෙකම අල්ලගත්තෙ වේගෙන් හිස දෙපැත්තට වනමින්.

"මේ බලන්න යොනී, මට එහෙම ඕනෙ නෑ. දැන් ටේහ්‍යුන්ගි දැනගත්තත් එයාගෙන් මට බබෙක් ලැබෙන්න ඉන්නවා කියලා, එයා මාව විශ්වාස කරන්නෙ නෑ. කලත් මට අනුකම්පා කරයි. මට ඕනෙ අනුකම්පාව නෙමෙයි එයාගෙ ආදරේ යොනී. ඔව්, මං මේ හැමදේම කියනවා, මගෙ ජීවිතේ ලොකුම රහසත් එයාට කියනවා. ඒත් ඒ මගෙ නිර්දෝශි කම ඔප්පු කලාට පස්සෙ." ජන්ග්කුක් කිව්වම යොන්ජුන් එයා දිහා පුදුමයෙන් බැලුවා.

"ලොකුම රහස? ඔයා මගෙන් තව දේවල් හංගනවද?" යොන්ජුන් ඇහුවම ජන්ග්කුක් යටිතොල හපාගත්තා.

"ප්ලීස් යොනී, මගෙන් ඒක අහන්න එපා. මං ඒක ඔය හැමෝටම දවසක කියන්නම් ඒත්, දැන්ම නෙමෙයි. මට දැන් තියෙන ප්‍රශ්න එක්ක තව ප්‍රශ්න දරාගන්න බැරි වෙයි." ජන්ග්කුක් කිව්වම ටිකක් වෙලා ජන්ග්කුක් දිහා දුකින් බලන් හිටපු යොන්ජුන් ඊළඟට හිස ඉහළ පහළ වැනුවේ ජන්ග්කුක්ව තේරුම් ගනිමින්.

"ඉතින් ඔයා කොහොමද මේක ඇතුලෙම ඉඳන් ඔයාගෙ නිර්දෝශි කම ඔප්පු කරන්නෙ හහ්?" යොන්ජුන් ඇහුවා.

"ඔයා මට උදව් කරන්නෙ නැද්ද යොනී?" ජන්ග්කුක් එයාගෙ ලොකු ඇස් වලින් බලමින් කිව්වම යොන්ජුන් හිනා වුනා.

"කපටිමත් නෑ හ්ම්ම්? ඔව් මං ඔයාට උදව් කරන්නම්." යොන්ජුන් කිව්වම ජන්ග්කුක් හිනා වුනා.

"ඔයාගෙ නිර්දෝශිකම ඔප්පු කරන හොඳම ක්‍රමේ ඔයාගෙ ජෙනටික් ටෙස්ට් එකක් කරන එක. ඒක මට කලිනුත් මතක් නොවුනා නෙමෙයි. ඒත් ඔයා දැන් ප්‍රෙග්නන්ට් කුක්. ඔයා දැන් ඉන්න තත්ත්වෙ එක්ක ඒක කලොත් බබාට කරදරයක් වෙයි." යොන්ජුන් ඒක කිව්වමත් ජන්ග්කුක් හොඳටම බයෙන් එයාගෙ කුස අල්ලගත්තා.

•°• Cursed Angel •°• ⭐ || (Complete)Where stories live. Discover now