"ඔයා කොහෙද ගියේ මිස්ටර් කිම්?" ජන්ග්කුක් ඇහුවේ නළල රැළි කරන්.
එයා කීපවතාවක්ම ටේහ්යුන්ගේ කැබින් එකට ආවේ ඩිසයින් වැඩකට. ඒත් ටේහ්යුන්ගේ අතුරුදහන් වීම ගැන ජීසු පවා දැනන් හිටියෙ නැති එක ගැන එයා ව්යාකූලවයි හිටියෙ.
ටේහ්යුන් කෙලින්ම එයාගෙ මේසෙ ගාවට ගිහින් කැරකෙන පුටුවෙන් වාඩි වුනා.
"මීටපස්සෙ ටේසුව බලාගන්න නැනී ඕනෙ නෑ. එයාව අපේ ගෙදරට ගෙනත් දාන්න. ජන්සුගෙ නැනී දෙන්නවම බලාගනී. ජන්සු ඉන්නෙත් තනියමනෙ." ටේහ්යුන් කිව්වම එකපාරටම ඇයි ඒක ඇදලා ගත්තෙ කියලා ජන්ග්කුක් පුදුම වුනා.
"හහ්?"
"ඔයා මාව හෙව්වෙ ඇයි?" ටේහ්යුන් ඇහුවේ කෙලින්ම ජන්ග්කුක්ගේ ඇස් දිහා බලන්. ජන්ග්කුක්ව ගැස්සුනා. හේතුවක් නොදන්නවා වුනත් ටේහ්යුන් ඒ විදිහට බලද්දි ජන්ග්කුක්ට අමුත්තක් දැනෙනවා. ජන්ග්කුක්ට ආපු කාරණෙත් ඒකෙන් අමතක වෙලා ගියා.
"අ-ආ මේක චෙක් කරන්න." ජන්ග්කුක් කියලා ඉක්මනින් ෆයිල් එක මේසෙ උඩින් තිබ්බම ටේහ්යුන් ඒක අරගෙන චෙක් කරන්න පටන් ගත්තා.
ඒත් ටික වෙලාවකින් ටේහ්යුන්ට තේරුනා ජන්ග්කුක් සිහිය නැතුව එයාගෙ මූන ඇස් වලින් පරික්ෂා කරනවා කියලා. ටේහ්යුන් ෆයිල් එක බලන ගමන් එයාගෙ හිනාව නවත්තගන්න තොල් දෙක තද කරගත්තා.
"Okay, ඒ ටික හොඳයි මං ඇපෲ කරන්නම්." කිව්ව ටේහ්යුන් තාමත් එයා දිහා බලන් ඉන්න ජන්ග්කුක්ට ෆයිල් එක දිගු කරහම ගැස්සුනු ජන්ග්කුක් ඉක්මනින් ඒක අරගත්තා.
ජන්ග්කුක් දැන් යයි කියලා හිතුවත් මොකද්දෝ කියාගන්න බැරුව ජන්ග්කුක් අපහසුවෙන් එතන ඉන්නවා කියලා ටේහ්යුන්ට තේරුනා.
ESTÁS LEYENDO
•°• Cursed Angel •°• ⭐ || (Complete)
Fanficශාපලත් සුරදූතයෙකුගේ පෘථිවි ජීවන ගමන පිරිලා තිබුනේ අඳුරෙන් පමණයි. ඒත් අහම්බයෙන් සිදු වුනු සිද්දියක් නිසා එයාගෙ අඳුරු දෛවයට ආලෝකයේ රිදී රේඛාවක බලාපොරොත්තුවක් උදා වුනා. ඒත්.. ඒ ආලෝකයේ රිදී රේඛාව එයාගෙන් ඈත් කරවන්න තරම් එයාට වැදිලා තිබුනු ශාපය ප්රබලය...