29

1.8K 343 211
                                    

සති කිහිපයකට පසු

"සර්, ලබන සතිය ඇතුළත මේ සේරම වැඩ ටික කරලා තියෙන්න ඕනෙ." ජීසු කිව්වෙ මූන හකුළන්. දැන් එයාලගෙ බොස් කිම් ටේහ්‍යුන්ට කම්පැනියට වඩා ලොකු වෙලා තිබුනෙ සුරදූතයව. කොයි වෙලෙත් මැන්ශන් එකේ මිසක් එයාට කම්පැනිය ගැන වගක් තිබුනෙ නෑ.

"අපේ රේට් එකත් ටික ටික පහළට යනවා සර්." ජීසු ආයිත් කිව්වම ටේහ්‍යුන් හුස්මක් හෙළුවා.

"I'm sorry. මං ඒ වැඩ ටික බලා ගන්නම්. කල් ඇරපු මීටින්ස් ටිකට schedule හදන්න. දවසම තිබුනත් කමක් නෑ." ටේහ්‍යුන් කිව්වම ජීසු සතුටින් ඉපිලුනා.

"Okay sir!" කිව්ව ජීසු එතනින් ගියා.

ඉතින් එදා දවසම ටේහ්‍යුන් කම්පැනියෙ. එයා මන්දිරයට යද්දි රෑ දොළහත් පහු වෙලා තිබුනා.

ඇඟ පත හෝදගෙන පුලුවන් තරම් ඉක්මනට එයා ගියේ ජන්ග්කුක්ව බලන්න. එයා යද්දිත් ජන්ග්කුක් හොඳ අවදියෙන් ජනේලෙන් එළිය බලමින් සුපුරුදු පරිදි කල්පනා ලෝකෙක ගිලිලා හිටියා.

ටේහ්‍යුන් දුකින් බිම බලාගත්තා. ජන්ග්කුක්ගේ මානසික ප්‍රශ්නය නැතිවෙලා තිබුනත් එයා ඉස්සර හිටපු හුරතල් ජන්ග්කුක් වුනේ නෑ. ටේහ්‍යුන්ට හොඳ කරන්න බැරි තුවාලයක් ඒ හිතේ තියෙනවා කියලා ටේහ්‍යුන්ට තේරිලා තිබුනා.

අමාරුවෙන් මූනට හිනාවක් නගාගත්ත එයා ජන්ග්කුක් ගාවට ගිහින් එයාව පිටිපස්සෙන් බදාගත්තත් ජන්ග්කුක් ඉක්මනින් ඈත් වුනේ අපහසුවෙන්.

"ඔ-ඔහ් සොරි." ටේහ්‍යුන් දුකින් එහාට වුනා. ජන්ග්කුක් යන්තම් හිනාවෙලා අහක බලාගත්තා.

ඒ තමයි අලුත් ජන්ග්කුක්. එයා පුලුවන් තරම් ශාරීරිකව ටේහ්‍යුන්ගෙන් ඈත් වෙන්න උත්සාහ කලා. ඒත් ටේහ්‍යුන්?

එයා ආයිත් ක්ෂණිකයෙන් ජන්ග්කුක්ව උස්සගෙන ඇඳ උඩට ගියා. ජන්ග්කුක්ව ඇඳට දාපු ටේහ්‍යුන් එයාගෙ ඇඟ උඩින් කකුලකුත් දාගෙන ජන්ග්කුක්ට හෙල්ලෙනවත් බැරිවිදිහට බදාගත්තා. ජන්ග්කුක් කොච්චර දැඟලුවත් එයාට බැරි වුනා ටේහ්‍යුන්ගේ දැඩි ග්‍රහණයෙන් මිදෙන්න.

"ඔහොම ඉන්නවා දඟලන්නෙ නැතුව. මට අද ගොඩක් මහන්සියි." කිව්ව ටේහ්‍යුන් ඇස් දෙක පියාගත්තේ තවත් ජන්ග්කුක්ව එයාට තද කරමින්. ජන්ග්කුක්ට කිසිම දෙයක් කරගන්න බැරිවුනා වගේම එයා ටේහ්‍යුන්ට ඕනදෙයක් කරගන්න දීලා සද්ද නැතුව හිටියා.

•°• Cursed Angel •°• ⭐ || (Complete)Wo Geschichten leben. Entdecke jetzt