ජන්ග්කුක් දරුවව බිහිකරලා තාමත් ගෙවී තිබුනේ පැය හයක් විතරයි. ජන්ග්කුක් තාමත් එයාගෙ අත්‍යවශ්‍ය නින්දෙ හිටියා වගේම දැන් ටිකක් සන්සුන් වෙලා හිටපු චූටි ජන්සු එයාගෙ නර්සරි රූම් එකේ cribe එකේ නිදාගෙන හිටියේ එයාගෙ මමා නැගිටිනකන්.
මේ අතරේ ටේහ්‍යුන් වොශ් එකක් දාගන්න ගියා දැනටමත් හවස හතත් පහුවෙලා තිබුන නිසා. එයා පුලුවන් තරම් ඉක්මනින් නාගෙන ආයිත් එයාගෙ ඒන්ජල්වයි චූටි ජන්සුවයි බලන්න ගියේ තිබුනු උද්‍යෝගයට.
ඒත් ඊළඟට එයාට ඇහුනා ජන්සු ආයිත් ඇහැරිලා අඬන විදිහ. ඒත් ටේහ්‍යුන් කලේ ජන්සුගෙ කාමරේට යනවා වෙනුවට ජන්ග්කුක්ගේ කාමරේට ගිය එක. ජන්ග්කුක්ට විතරයි ජන්සුව සන්සුන් කරන්න පුලුවන් කියලා දැනටමත් එයා දන්නවා.
ඒත් ජන්ග්කුක් හිටපු කාමරේට ගිය එයා දැක්කා ජන්ග්කුක් කාමරේ නෑ කියලා.
"ඔහ් එයා ඇහැරිලා. කොහෙද ගියේ? එයාට තාම නැගිටින්නවත් හොඳ නෑ." තනියම මිමිණුව එයා ජන්ග්කුක්ව හොයන්න යන්න හැදුවත් ජන්සුගෙ අඬන සද්දෙ නවතිනවා එයාට ඇහුනා.
ටේහ්‍යුන් ඉක්මනින් දුවලා ගියා ජන්සුගෙ කාමරයට.
බලාපොරොත්තු වුනා වගේම ජන්ග්කුක් ජන්සුගෙ කාමරේ හිටියා. ඒකෙ තිබුනු පුංචි ඇඳේ එයාට පිටුපාලා ජන්ග්කුක් එහා පැත්ත හැරිලා ඇලවෙලා හිටියා වගේම එයා යන්තම් දැක්කා ජන්සුගෙ උද්‍යෝගයෙන් ගසන පුංචි කකුල් දෙක.
දොර ගාව ඉඳන්ම ටේහ්‍යුන් මේ දර්ශනේ දිහා බලන් හිටියේ ගොඩක් ආදරෙන්. දැන් එයාටත් තියෙනවා පරිපූර්ණ වුන පවුලක්.
මදහසක් නගපු එයා එයාගෙ පුංචි පවුල ගාවට ගියා.
"මං බැලුවා ඔයා කෝ කියලා." ටේහ්‍යුන් කියද්දි ජන්ග්කුක් ගැස්සුනා වගේම එයාගෙ කම්මුල් ලැජ්ජාවෙන් රෝස පාට වෙන විදිහ ටේහ්‍යුන් දැක්කා.
"ඒන්ජල්? මොකෝ රතු වෙන්නෙ- ඔහ්"
ටේහ්‍යුන් කියන එක නැවතුනේ ඊළඟට දැක්ක දර්ශනේ නිසා. එයාට දැන් තමයි තේරුනේ ජන්ග්කුක් ඇයි රෝස පාට වුනේ කියලා. එයාගෙ චූටි ඒන්ජල් එයාගෙ ඒන්ජල්ගේ නිපල් එක තදින් උරමින් හිටියේ ආයිත් ඒකට කවදාවත් අවස්ථාවක් නෑ වගේ.
YOU ARE READING
•°• Cursed Angel •°• ⭐ || (Complete)
Fanfictionශාපලත් සුරදූතයෙකුගේ පෘථිවි ජීවන ගමන පිරිලා තිබුනේ අඳුරෙන් පමණයි. ඒත් අහම්බයෙන් සිදු වුනු සිද්දියක් නිසා එයාගෙ අඳුරු දෛවයට ආලෝකයේ රිදී රේඛාවක බලාපොරොත්තුවක් උදා වුනා. ඒත්.. ඒ ආලෝකයේ රිදී රේඛාව එයාගෙන් ඈත් කරවන්න තරම් එයාට වැදිලා තිබුනු ශාපය ප්රබලය...