ඊළඟ දවසෙ උදේ ජන්සුවත් බලලා කම්පැනි යන්න ඕන නිසා ටේහ්යුන් උදෙන්ම නැගිටලා ලෑස්ති වුනා.
ලෑස්ති වෙන අතරෙ තමයි එයාට ඇහුනෙ දොරේ සීනුව නාද වෙනවා. සේවිකාවක් දොර අරිනකන් ටේහ්යුන් බලන් හිටියත් සීනුව නාද වෙන එක නතර නොවුන නිසා ටේහ්යුන් කේන්තියෙන් හුස්මක් පිට කලා.
"ආයිශ්! කොහෙද මේ ගෙදර මිනිස්සු?"
තමන්ටම මුමුණ ගත්ත ටේහ්යුන් දදා හිටපු ශර්ට් එකේ බොත්තම් ටිකත් දමමින් පහළට ගියා.
"ආයිශ් ඔහොම ඉන්නවා, මොන වදයක්ද?"
දොරේ බෙල්ල එක කඩන්න තරම් වේගෙන් ගහන කොට කේන්තියෙන් කිව්ව ටේහ්යුන් දොර ඇරියා.
ඒත් දොර ඇරියම එයා ඉස්සරහා හිටපු කෙනාව දැක්ක ටේහ්යුන්ගේ ඇස් දෙක ජිල් බෝල සයිස් ලොකු වුනා වගේම එවෙලෙම 'දඩස්' ගාලා දොර වැහුව එයා උඩ තට්ටුවට වේගෙන් දුවලා ගියා.
කාමරේට ගිහින් ඒ සද්දෙන්ම දොර වහපු එයා දොරට පිට දීලා වේගෙන් හුස්ම ගත්තේ පපුවට අතකුත් තියන්.
ඊටපස්සෙ ටික වෙලාවකිනුයි එයා ඒ කරපු දේ අවබෝධ වුනේ.
"ආආඅහ් මොකද්ද මං ඒ කලේ? මගෙ ඒන්ජල් ආවෙ ම්-මාව හොයාගෙන වෙන්නැති. ඔහ් ගෝඩ්!"
ඔව් ඇවිත් හිටියෙ වෙන කවුරුත් නෙමෙයි ජන්ග්කුක්.
ටේහ්යුන් ආයිත් ඉක්මනින් යන්න හැදුවත් ආයිත් එයා නැවතුනා. එයාට ආයිත් මතක් වුනේ ඊයෙ ජන්ග්කුක්ව.
"මෙහෙට ආවම එයාට මාවයි ජන්සුවයි බලන්න කිසිම උවමනාවක් තිබුනෙ නෑ. ඇයි මං දැන් හදිස්සි වෙන්නෙ?"
ටේහ්යුන්ට පුංචි කේන්තියකුත් ඇති වුනා.
ඉතින් එයා ලෑස්ති වෙලාම පහළට ගියේ සමහරවිට දැන් ජන්ග්කුක් ගිහින් ඇති කියලා හිතාගෙන. එත් නෑ.
සෝෆා එකේ වාඩි වෙලා පුදුමයෙන් වටපිට බලන ජන්ග්කුක්ව දැක්කම ටේහ්යුන් පඩිපෙළෙන් වැටෙන්නෙ නැතුව වැට අල්ලගෙන ආවෙ බොහොම අමාරුවෙන්. එයාව තදින්ම කම්පනය නිසා වෙව්ලමින් තිබුනා.
ඊටපස්සෙ එයා දැක්කා ජන්ග්කුක්ගේ ඇස් එයාට යොමු වෙන විදිහත් ඊටපස්සෙ මූන හකුළ ගන විදිහත්. ඒත් ඊටපස්සෙ එතනට ආවේ සේවිකාව.
YOU ARE READING
•°• Cursed Angel •°• ⭐ || (Complete)
Fanfictionශාපලත් සුරදූතයෙකුගේ පෘථිවි ජීවන ගමන පිරිලා තිබුනේ අඳුරෙන් පමණයි. ඒත් අහම්බයෙන් සිදු වුනු සිද්දියක් නිසා එයාගෙ අඳුරු දෛවයට ආලෝකයේ රිදී රේඛාවක බලාපොරොත්තුවක් උදා වුනා. ඒත්.. ඒ ආලෝකයේ රිදී රේඛාව එයාගෙන් ඈත් කරවන්න තරම් එයාට වැදිලා තිබුනු ශාපය ප්රබලය...