43

1.7K 329 210
                                    

මසකට පසු

මාසයක් ගෙවිලා ගියා. එදා සිද්දියෙන් පස්සෙ ආයිත් ඒ වගේ හීනයක් නොදැක්ක නිසා ටේහ්‍යුන් ජන්සු දෙන්නට ඒ සිද්දිය එහෙන්ම අමතක වෙලා ගියා.

එතකොට අද ටේහ්‍යුන් වගේම ජන්සු children's park එකට ගියා. එයාලා එක්ක ජින් වගේම එයාලගෙ හදාගන්න ගත්ත අවුරුදු එක හමාරක් වයස චූටි සොක්ජූනුත් හිටියා.

ටේහ්‍යුන් හැම ඉරිදාවකම ජන්සුව එළියට එක්කන් යන්නෙ ජන්සුව සමාජයට ටික ටික හුරුකරන්න ඕන නිසා.

ටේහ්‍යුන් ජන්සුව එක්කන් ආවත් ජන්සු එයාගෙ අප්පා එක්ක බංකුවෙ වාඩි වෙලා හිටියා මිසක් සෙල්ලම් කරන්න උවමනාවක් තිබුනෙ නෑ.

"ජන්සු? යන්න සොකී මල්ලි එක්ක ගිහින් සෙල්ලම් කරන්න." ටේහ්‍යුන් කිව්වම ජන්සු ඈත බිම ඉඳන් තනියම සෙල්ලම් කරන සොකී දිහා බලලා ආයිත් ටේහ්‍යුන් දිහා එයාගෙ බෝල ඇස් වලින් බැලුවා.

"යන්න පැටියො

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

"යන්න පැටියො." ටේහ්‍යුන් ආයිත් කිව්වම එයා දැක්කා ජන්සු එයාගෙම ශර්ට් එක අතින් මිරිකමින් nervous වෙලා ඉන්නවා කියලා.

ටේහ්‍යුන්ට ඒක දැක්කම කෙනෙක්ව මතක් වුනා. ඔව් ඒ ජන්සුගෙ මමා. එයාගෙ ඒන්ජලුත් මොකක් හරි කියාගන්න බැරුව බය වෙලා ඉන්නකොට එයාගෙ ශර්ට් එක මිරිකන විදිහ එයාට මතක් වුනා. ජන්සුට පිහිටලා තිබුනෙ ජන්ග්කුක්ගේ හැසිරීමමයි.

ටේහ්‍යුන් ජන්සුව එයාගෙ ඔඩොක්කුවට ගත්තා.

"මොකද්ද මගෙ චූටි ඒන්ජල්ගෙ ප්‍රශ්නෙ හ්ම්? මගෙ ඒන්ජල්ට සෙල්ලම් කරන්න බැරිද? බලන්න පැටියො සොකී මල්ලි තනියම සෙල්ලම් කරනවා. ඔයත් යන්න හොඳ ජන්සු වගේ." ටේහ්‍යුන් කියලා ජන්සුව බිමින් තිබ්බම ජන්සු එයාගෙ අප්පා දිහා ආයිත් වතාවක් බලලා හිමින් හිමින් සොක්ජූන් ගාවට අඩිය තිබ්බා.

•°• Cursed Angel •°• ⭐ || (Complete)Tempat cerita menjadi hidup. Temukan sekarang