~ස්නේහ~
1 කොටස
ඔලුවෙ ඉදන් පෙරවගෙන තද නින්දක හිටපු රනුක , ගෙදර ලෑලි දොරට තඩිබාන සද්දෙට ඇස් ඇරියේ ගැස්සිලා වගේ....
"රනා.... නැගිටපන් රනා.... රනා......"
නිදිගැට කඩ කඩම ඇදෙන් ඉදගත්තේ ඇවිත් ඉන්නේ කවුරු වුනත් හිතෙන්ම පලුයවමින්. රනුකගේ බෙල්ලේ මැදක් වෙනකන් වැවුනු කඩාහැලෙන කොණ්ඩේ අතින් හද හදම ගිහින් දොර ඇරියා...
"මොකද මල පෙරේතයෝ දොර කඩන්න හදන්නේ"
"ආන් අරහේ නිමල් අයියට මල පැනලා... උඹ එනකන් බලන් ඉන්නවා..."
"ඒ මොකද"
"ඇයි උඹට ඊයේ කිව්වා කිව්වේ අද 10ට කියලා"
"දැන් වෙලාව කීයද "
"යකෝ 10.30"
"හුටා... මට විනාඩි දෙකක් දියන් මං සුටුස් ගාලා ඇදුමක් දාන් එන්නම්"
රනුක පොඩි ලෑලි කාමරේ පුටුවක් උඩ වනලා තිබුනු ටවල් එකත් උස්සන් එලියේ කලු ඉටිකොල වලින් වට වුනු කරාමේ ලගට දිව්වේ හැටට හැටේ.... උඩින් පල්ලෙන් මූණ හෝදගෙන කාමරේට ඇවිත් ඩෙනිමක් ඇදගෙන ශිපර් එක වහන ගමන්ම එලියට ආවේ ගුලි කර ගත්ත ෂර්ට් එකක් කරේ එල්ලගෙන... දඩි බිඩියේ කාමරේ දොරට ඉබ්බා දාලා කම්බි වැටෙන් පැන්නේ ෂර්ට් එක අදින ගමන්...
බැලුව බැලුව අත ලෑලි ගෙවල් පිරුනු පරිසරයේ ගහක් කොලක් නැති තරම්... කොයිතරම් නගරාසන්න වුනත් පාරේ යන වාහන සද්දෙත් පරදලා ගෙවල් වල කසු කුසු රණ්ඩු සරුවල් හැමතැනින්ම ඇහෙනවා... දෙපැත්තෙම කුණුකානු දිස්වෙන පොඩි අඩිපාර දිගේ රනුක සහ දිනේෂ් ඉදිරියට ගියේ කලබලෙන් වගේ... දෙපැත්තේ අගුපිල් ලග ඉදන් ඉන්න සමහරු රනුකට අත වැනුවත් හිනාවෙලා කලබලෙන් ආවේ තවත් පරක්කු නොවී බැරි නිසයි.
"ඈ බං රනා... නිමල් අයියා උඹට හොදට සලකන එකේ ගනින්කෝ කිරි ටොයියා ගේ පොඩ්ඩක් .. මේ මුඩුක්කුවේ ඉන්නැතුව"
"හ්ම්... ගෙයක් මොකටද බං පවුලක් නැති මට.. අනික වැටිලා නිදාගන්න මේ කාමර කෑල්ලත් මාලිගාවක් ඕයි "
දිනේෂ් ඩ්ෆෙන්ඩර් එකේ ඩ්‍රයිවින් සීට් එකෙන් ඉද ගනිද්දි රනුක අනිත්පැත්තෙන් ගොඩ වුනා. ස්ටාට් වුනු වාහනේ හුලග කපාගෙන ප්‍රධාන පාර දිගේ ඉදිරියටම ඇදුනා. වාහනේ කෙලින්ම ඇවිත් නැවතුනේ "නිමල් පැලස්" එකේ මිදුලේ.... රනුක කලබලෙන් ගේ ඇතුලට දිව්වත් ඉද්ද ගැහුවා වගේ නැවතුනේ සාලේ ඉස්සරහාම තිබුනු හාන්සි පුටුවට බර වෙලා නිමල් අයියා ඉන්නවා දැකලා....