19 වන කොටස

47 7 0
                                    

~ස්නේහ~

19 කොටස

"ඒයි... ඌට එන්න දියන්"

"ඒත් අයියේ"

"කිව්වම අහපන්... ඌට මෙතනට තනියම එන්න තිබ්බ ධෛර්යය උඹලට නැද්ද යකෝ"

රනුක ප්‍රසාද්ගේ උරහිසේ හැප්පීගෙනම ඉදිරියට පියවර තිබ්බා... සුමිත්ගේ ඇස් ඉස්සරහම හිටගත්තු රනුක කට කොනෙන් හිනා වුනේ සුමිත්ගේ ඇස් දිහාම බලාගෙන.

"කොහොමද රනුක.... හුග කාලෙකින් දැක්කේ"

"මම මේ ඔහේට කරන පළමු  සහ අවසාන අනතුරු ඇගවීම... ආයේ මම වෙනුවට මගේ තුවක්කුව කතා කරයි....."

රනුක ඉනේ තිබුනු තුවක්කුව ඇදලා ගන්න ගමන් කිව්වා....

"උඹට හැමදේම අමතක වුනාට මම මැරිලා ඉපදුන්නෑ බං.... උඹ මාව මරන්න හැදුවත් මට බෑ උඹව මරන්න හිත හදා ගන්න.... උඹ මගේ එකා"

දත්මිටි කාගෙන සුමිත්ගේ නලල ඉලක්ක කරලා රනුක තුවක්කුව එසෙව්වේ ලෝඩ් කරන ගමන්.... එසවුනු තුවක්කුවේ පැත්තකින් රනුක සුමිත්ගේ බියක් ගෑවිලාවත් නැති දෑස් දෙස බැලුවා.....

තමන් වෙත තුවක්කුව එල්ල කරගෙන ඉන්න රනුක දිහා සුමිත්  එක එල්ලේ බැලුවේ කට කොනෙන් හිනාවෙන අතරේ....

"තියපන් ඉතිං .... මම ඕවට බය නෑ බං..... "

තත්පර කිහිපයක් රනුක ඒ තලේලු මුහුණ වටේ ඇස් අරන් ගියා.

"එකක් හොදට මතක තියාගනින් ... ආයේ අපේ වැඩ වලට බාධා කරන්න ආවොත් උඹව මරලා දාන්න මං දෙපාරක් හිතන්නෑ සුමිත්... ඒ නිසා පාඩුවේ පැත්තකට වෙලා හිටපන්"

රනුක තුවක්කුව හිමින් සැරේ පහලට දැම්මේ ආපහු එන්න හැරෙන ගමන්.

"උඹ ඔය පිස්සුවෙන් වගේ හොයන ප්‍රශ්නෙට උත්තරේ මම දන්නවා"

ඉදිරියට තියපු අඩියෙන්ම රනුක ගල් ගැහුනා...

"උඹේ ඔය මහලොකු නිමල් අයියා උඹව ගොනා කරන් ඉන්නේ"

රනුකගේ අත ඉබේම මිටිමෙලවුනේ කේන්තියෙන් පුපුරන අතරෙයි.

"උඹේ අම්මවයි තාත්තාවයි මැරුවේ උඹ දැන් කර උඩ තියන් ඉන්න නිමල් අයියම තමයි යකෝ"

ස්නේහOù les histoires vivent. Découvrez maintenant