~ස්නේහ~
25 වන කොටස...( අවසානයට පෙර)
රනුක කනත්තෙන් එලියට ඇව්ත් බයික් එක උඩින් ඉදගත්තා . සිකරට් එකක් පත්තු කරලා කටින් තියාගත්ත රනුක වළාකුළු නොමැති අහස දිහාම බලාගෙන හිටියා. ඒ මොහොතෙම දුරකථන නාද වෙන්න ගත්තා. සාක්කුවෙන් ගත්ත දුරකථන දිහා බලා හිටි රනුක දිනේෂ්ගෙන් ලැබුනු ඇමතුම විසන්ධි කලා. නමුත් නැවත ඒ සැනින් දිනේෂ්ගෙන් ඇමතුමක් ආවා...
"මොකද ඉබ්බෝ කට් කරන්න කරන්න ගන්නේ"
"මූසලයෝ.... මේ අහපන් නිමල් අයියා මධූෂව උස්සන් ආවා"
"මොකක්....ඒ මොකටද "
"ඌ සුමිත්ගේ පුතාලු අපිව මෙච්චර කල් අන්දලලු......"
"####"
"උඹ දැනන් හිටියෙත් නැද්ද"
"දැන් කොහෙටද ඌව අරන් ආවේ"
"මඩුවත්තේ කසිප්පු පොට් එකට"
"මං දැන්ම එන්නම්.. මං එනකන් කොහොම හරි ඔතන බැලන්ස් කරගනින්"
"හා හා මං මොකක් හරි ගේමක් ගහන්නම්... ඉක්මනට වරෙන්"
රනුක කලබලයෙන් ෆෝන් එක කට් කරලා සාක්කුවට දාගත්තා. සිකරට් එක ඔහේ විසි කරලා බයික් එකට නැගලා කලබලෙන්ම දෙතුන් පාරක් කික් කලා... ස්ටාට් වුනු බයික් එක කලබලයෙන් හරවගත්ත රනුක ප්රධාන මාවතේ ඩ්රයිවින් කලේ හිස ගිනි ගනිද්දි.
අමුතු පල් ගදකින් නාසය කකියද්දි , කලු පටියකින් ගැටගසා තිබූ අකේන්ගේ දෑස් කලුවර වෙලා ගත්තා. කඹයකින් ගැටගසා තිබූ නිසා මැණික්කටුවටත් වළලුකරටත් තද හිරිවැටීමක් දැනෙන්නට වුනා... පුටුව උඩ ඉදගෙනම අකේන් ඒ මේ අත දගලන්නට වුනා. ඈතින් ඇහුනු කසුකුසුවකට අකේන් කන් යොමු කලා.
"කොහෙදිද මූව අල්ලගත්තේ."
ඒ ඇහුනු හඩ දිනේෂ්ගේ කියලා අකේන් සැක හැර විශ්වාස කලා.
"මූ තනියම සේදවත්ත පැත්තට යනගමන් ඉද්දි ඉස්සුවේ"
"නිමල් අයියා කෝ"
"වාඩියේ..."
"හ්ම්... දැන් මූට මොනා කරයිද බං"
"අනේ මන්දා බං ඒක නම් මාත් හරියට දන්නෑ"