දෙවන දිගහැරුම

175 23 0
                                    

~ ස්නේහ ~

2 කොටස

" ඌව යනින් ගමන් දැක්කොත් ටිකක් මේ පැත්තට ඇවිත් යන්න කියන්න"

"කොයිද ඉතිං මාව දරුකමට හදාගන්න කිව්වට ඔයා අහන්නෑනේ අප්පා... එහෙනම් රැජිනක් වගේ බලාගන්නේ... රැජිනක් වගේ"

හිස් තේ කෝප්පේ පැලට් මේසේ උඩින් තියන ගමන් රනුක කිව්වා... හිනාවෙවීම එලියට ආපු රනුකට අඩු දෙක තුනක් යන්න හම්බුනේ නෑ......

"හොරෙක්..... හොරෙක් .... අල්ලපියෝ.... මගේ පර්ස් එක අරන් යනෝ.... හොරෙක්..."

රනුක දැක්කේ හති දාගෙන පිටිපස්ස බල බල තමන්ගේ ඉස්සරහාට දුවන් එන මනුස්සයෙකුයි... ඒ මනුස්සයා අල්ලගන්න ලොකු බෑග් එකකුත් එල්ලන් දුවන් එන හුරුබුහුටි කොල්ලෙකුයි......

රනුක අඩි දෙක තුනක් ඉස්සරහට වුනා... පර්ස් එකකුත් අතේ තද කරන් තමන්ව පහුකරගෙන යන්න හදන මනුස්සයගේ ෂර්ට් කොලර් එකෙන්ම රනුක ඇදලා අල්ලගත්තා. රනුකගේ ඇගපතේ හයියහත්තිය ඉස්සරහා ඒ මනුස්සයා ඇදිලා ආවේ ඉබේමයි. ඒත් එක්කම වගේ පිටිපස්සෙන් පන්නගෙන ආපු කොල්ලා රනුක ලගටම දුවගෙන ඇවිත් රනුකගේ අත අල්ලගත්තා ... අනිත් අතින් දනිස්සකට බර දීලා හති යවන්න පටන් ගත්තා... තමන්ගේ අත අල්ලගෙන ඉන්න කොල්ලා දිහා රනුක බැලුවේ දවා අලු කරන බැල්මක්. ඒ කොල්ලා අල්ලන් ඉන්න අත රනුක ගසලා දැම්මා... තාමත් අනිත් අතින් අල්ලන් ඉන්න හොරාව අඩියක් විතර උස්සලා අරන් ලගම තිබුනු තාප්පෙට හේත්තු කලේ බය කරන්න හිතාගෙනමයි.

"අනේ රනා... හොද කොල්ලනේ මට යන්න දියන්"

"ලැජ්ජ නැද්ද යකෝ හොරා කන්නේ. මම මේ උඹට අන්තිම වතාවට කියන්නේ කසිප්පු ගහන්න ඕනේ නම් ගිහින් හම්බකරගෙන ගහපන්... ආයේ තෝව හොරකමේ ගිහිං හව්වුනොත් නෙලනව උඹට දියර ජාති විතරක් බොන්නම.... හොදට මතකතියාගනින්...පලයං යන්න දැන්"

රනුක හොරාගේ අතින් පර්ස් එක ඇදලා ගන්න ගමන් ඔහුගෙන් අත මුදා ගත්තා... ඒ මනුස්සයා බිම නොවැටී හිටියේ අනූනමයෙන්... යන්තන් පොලොවේ පය ගහපු ගමන් කකුල් දෙකට වැද වැද පස්ස නොබලා දුවන ඒ මනුස්සයා දිහා රනුක බලන් හිටියේ යටි තොල හපාගෙන .....

ස්නේහNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ