එකළොස් වන දිගහැරුම

91 11 0
                                    

#ස්නේහ

11 කොටස

නිමල් පැලස් එකේ ටික වෙලාවක් රැදිලා හිටපු රනුක හිමින් සැරේ බෝඩිමට ගියා... යන අතර මග චයිනීස් රෙස්ටූරන්ට් එකකින් කෑම දෙකක් අරගත්ත රනුක මුඩුක්කු වත්තට බයික් එක හැරෙව්වා... ඒත් ටික දුරක් එද්දි දැකපු දෙයින් රනුකගේ ලේ කෝප වෙන්න ගතවුනේ මොහොතයි... තමන්ගේ බෝඩිමට මෙහායින් බයික් එකක් නවත්තගෙන තව කොල්ලෙක් එක්ක ඉන්න ප්‍රසාද් දැක්කම රනුකට ආවේ නිම්හිම් නැති තරහක්...ප්‍රසාද් හරි වුවමනාවක් යම් මානයක් බලාගෙන ඉන්නවා දැක්ක රනුක ඒ දිගේ ඇස් ගෙනගියා..... රනුක දැක්කේ තමන්ගේ බෝඩිම ඉස්සරහා පොඩි කොල්ලෝ ටිකක් එක්ක ක්‍රිකට් ගහන මධූෂව ... ප්‍රසාද් මේ තරම් උවමනාවෙන් බලන් ඉන්නේ මධූෂ දිහා කියලා තේරුම් ගන්න රනුකට ගත වුනේ තත්පරයයි... ඒ අත් ඉබේ මිටිමෙලවුනේ දැනුනු කේන්තියට....

තමන් දිහා පුපුර පුපුර කේන්තියෙන් බලාගෙන ඉන්න රනුකව දැක්ක ප්‍රසාද් කලබල වුනා... අනිත් කොල්ලට යං කියපු ප්‍රසාද් රනුක දිහා බලන් කටකොනකින් හිනා වෙලා යන්න ගියා... දෑස් විසල් කරන් ප්‍රසාද් නොපෙනී යනකන්ම බලන් හිටපු රනුක බයික් එක ස්ටාර් කරන් බෝඩිම ඉස්සරහට ගිහින් නවත්තලා බයික් එකෙන් බැස්සා...

"අහ් ඔයා ආවද"

රනුක කතා නොකරම අඩි කිහිපයක් පියවර තිබ්බා....

"මොකෝ ඩෝං ගිහිං"

"මගෙන් කුණුහරප අහගන්නැතුව ඉන්න මධූෂ "

"ඇයි..... මම මොනාද කලේ"

"කලේද.... තමුසෙට මං ඇතුලට වෙලා නේද ඉන්න කිව්වේ අසනීප නිසා"

"ඔව් ඉතිං ඒත් දැන් මට හොදයිනේ"

"එහෙමයි කියලා මේ දූවිල්ලේ නැටුවම හරිද"

"කම්මැලි නිසයි ආවේ මං"

"ඕන එකක් කරගන්නවා ඕයි එහෙනම්"

රනුක කෑම දෙකත් අරගෙනම තරහෙන්ම කාමරේට ගොඩ වුනා ...

"ඒ ඒ ඉන්න මාත් එනවා"

අතේ තිබුනු බැට් එක ලග හිටපු පොඩි එකෙක්ට දීලා මධූෂ රනුකගේ පස්සෙන්ම දුවගෙන ආවා.... මධූෂ ඇවිත් රනුකගේ අතේ එල්ලුනා... තරහෙන්ම අත ගසලා දාපු රනුක කෑම ටික බංකුව උඩින් තියලා ෂර්ට් එක ගලවලා පැත්තකට දැම්මා...

ස්නේහWhere stories live. Discover now