හතර වන දිගහැරුම

115 17 0
                                    

~ස්නේහ~

4 කොටස

රනුක හිමින් සීරුවට තුවක්කුව අතට ගත්තා... අන්තිම ටොයිලට් එකේ දොර ඇරලා බැලුවා... කවුරුත් නෑ... කලිසම් සාක්කුවට අත දාලා සයිලන්සර් එකක් අතට ගත්තා... අනිත් දොරත් ඇරලා බැලුවා කවුරුත් නෑ.... හිමින් සැරේ තුවක්කුවට සයිලන්සර් එක සම්බන්ධ කලා . අනිත් දොරත් ඇරලා බැලුවා ඒත් කවුරුත් හිටියේ නැති තැන කලින් මනුස්සයා ඇතුල් වුනු දොර ඉස්සරහාම හිටගත්තා...

ටික වෙලාවකින් දොර හිමින් සැරේ ඇරුනා ඒත් එක්කම රනුක ඒ මනුස්සයාගේ පපුවටම ඉලක්ක කරලා වෙඩි තිබ්බා... ඒ මනුස්සයා වැටුනේ කපා හැලූ කෙහෙල් කදක් වගේ..

අතේ තිබුනු තුවක්කුව ඉනේ රදවගත්තු රනුක කාටවත් සැක නොහිතෙන්න හොටෙල් එකෙන් එලියට ආවේ වටපිටාව නොබලා.... හොටෙල් එක ඉස්සරහා නවත්තලා තිබුනු කාර් එකට නැග්ගේ කිසිම කලබලයක් නැතුව.

"ගනිං ඉක්මනට වාහනේ"

"වැඩේ ක්ලෝස් ද"

"ඔව් ඔව් ### ගනින් කිව්වම"

දිනේෂ් කාර් එක ඉදිරියට ඩ්‍රයිව් කලා...

පහුවදා උදේ ඇහැරුනු රනුක ටවල් එකත් කරේ දාන් කරාමේ ලගට යද්දි උදේම නාගෙන කාමරේට යන මධූෂව මූණට හම්බවුනා... මධූෂ තමන් එක්ක කතා කරයි කියලා හිත යටින් හිතුවා... ඒත් මූණටම මුණගැහුනු තමන්වත් නොදැක්ක වගේ තමන්ව ගනන් නොගෙනම යන මධූෂ දිහා රනුක බලන්හිටියේ අමුතුම බැල්මකින්... හිතේ පොඩි අමුතුම හැගීමක් කරනම් ගැහුවත් තමන්ට ඕන වුනේ මේ දේ නේද කියලා හිතලා රනුක හිත හදාගත්තා .... රනුක පෙගෙන්න දාලා තිබුනු ඇදුම් ටිකත් හෝදලා නාගන්න අතරේ රනුකට ඇහුනා මධූෂ දොර ලොක් කරලා යන හඩ...හෝදපු රෙදි ටික වැලට දාන අතරේ....

"අහ් අයියා රෙදි හෝදලා වගේ"

දිනේෂ් එහෙම කියාගෙනම කම්බි වැට පැන්නා...

"නැතුව තෝ එනවද මගේ රෙදි හෝදන්න"

"කොහෙද ඉතිං උඹට අගයක් නැති උනානේ අරූ රෙදි ටික හෝදලා දෙද්දි..."

"අනේද කියන්නේ... කරපු ගොංකන් තමා"

"අහ් ... මේ රනා ඒක නෙමේ... මම අදත් දැක්කනේ උඹේ බෝඩිමා ලගට වෙලා ප්‍රසාද්කාරයා ඉන්නවා"

ස්නේහOnde histórias criam vida. Descubra agora