18 වන කොටස

42 6 0
                                    

~ස්නේහ~

18 කොටස

"ඔයා කීයටද එන්නේ"

"මං එද්දි පාන්දර වෙයි... ඔයා කාලා නිදාගන්න ."

"ඒත් ඔයා අද එලියට යන් කිව්වනේ රනුක"

"අපි ඒ වෙනුවට හෙට යන් හොදද.... ලස්සන තැනකට"

"හෙට යන්න පුළුවන් වුනාට මගේ උපන්දිනේ අදනේ රනුක"

"අනේ මධූ තේරුම්ගන්නකෝ ඉතිං"

මධූෂ තරහින්ම ෆෝන් එක කට් කලේ ඉවසන් ඉන්නම බැරි තැන. ලොකු හුස්මක් අරගෙනම විසල් එක ලගට ගිහින් ඔලුව පාත් කරලා දිනේෂ් දිහා බලලා හිනා වෙලා කාර් එකට නැගලා සීට් බෙල්ට් එක දාගත්තා.

"රනුක කෝ අයියේ"

"ආක්ෂා හදිස්සියෙම කෝල් කලා කොහෙද යන්න ඕනේ කියලා ඉතිං ඌට යන්න උනා"

"අහ්... පාන්දර වෙනකන් කොහෙ යන්නද එයා ආක්ෂා එක්ක"

"පාන්දර වෙනවා කිව්වද එන්න"

"හ්ම්"

මධූෂ වීදුරුවෙන් අහක බලාගත්තේ ඇස් වලට උනපු කදුලු නවත්තගන්න හිතාගෙන . ඒත් හිත ඇතුලේ ගිනිදැල් කදුලු වෙලා ඇස් පිහාටු යටින් ගලා ආවේ මධූෂ ඇස් වහගන්න අතරෙමයි.

කිසි සද්දයක් නැතුව ඔහේ එලිය බලන් ඉන්න මධූෂ දිහා දිනේෂ් බැලුවේ හොරැහින්.

"ඒ කොල්ලෝ"

"හ්ම්"

"මොකෝ සද්දයක් නැත්තේ"

මධූෂ කිසිත් නොකියා දිනේෂ් දිහා බලලා හිනා වුනා. මධූෂගේ දුකින් පෙගුනු මූණත් ඇස් පිහාටු අතර සැගවුනු කදුලු බිදුත් දිනේෂ් දැක්කේ ඒ මොහොතෙයි.

"මොකෝ මේ ඇස් වල කදුලු"

මධූෂ කලබලයෙන් අත් දෙකෙන්ම ඇස් පොඩි කලේ එලියට එන්න පොරකන කදුලු සගවන්න වගේ.

"නාඩා ඉදින් බං.. රනුක උඹව අතඇරියත් උඹට හොද එකෙක්ව මං සෙට් කරලා දෙන්නම්"

දිනේෂ් පිටට තට්ටුවක් දාන ගමන් කිව්වේ... මධූෂගේ හිතට තවත් බරක් එක් කරලා...
එලියේ ඇස් රදවන් හිටපු මධූෂ කලබලයෙන් දිනේෂ් දිහා බැලුවා.

"අයියේ අතනින් දකුණට හරවන්න ඕනනේ...."

"අහ්.. ඔව් ... මගේ මේ පොඩි වැඩක් කරගන්න තියෙනවා මේ කිට්ටුව... ඒකත් කරගෙනම යං"

ස්නේහWhere stories live. Discover now