~ස්නේහ~
20 වෙනි කොටස
ඒ නන්නාදුනනයා දිග් අඩි තියලා තමන්ගේ පැත්තට එනවා රනුක බලාගෙන හිට්යේ ඉදගෙන ඉන්න අතරේමයි. තමන්ගේ ඉස්සරහෙන් ඇවිත් හිටගත්ත ඒ තලේලු නමුත් කඩවසම් පිරිමියා දිහා රනුක බලාගෙනම හිටියා...
"ඔයාද මාව හම්බවෙන්න ඕනේ කිව්වේ"
රනුක හිමින් සැරේ නැගිට්ටේ ඒ මුහුණ දිහාම බලාගෙන .
"අහ්... නෑ මම මේ ආවේ මධූෂව මීට් වෙන්න"
"ඔව් මම තමයි මධූෂ "
"නෑ නෑ... මම කිව්වේ මේ.... මධූෂ ගිම්හාන් කොඩිතුවක්කු .... "
"ඔව්... මම තමා මධූෂ ගිම්හාන් කොඩිතුවක්කු "
"අර අර කලුතර ගෙවල් තියෙන්නේ....."
"මගේ ගෙදරත් කලුතර තමා"
"අයියෝ.... මම ආවේ ඔයාව හම්බවෙන්න නෙමේ..... මෙහෙ වැඩකරන සුදු කොණ්ඩේ ක්රේල් කොල්ලෙක් ඉන්නේ මධූෂ කියලා.. අන්න එයාව මීට් වෙන්න"
"ඇත්තටම මිස්ටර් මේ කම්පැනි එකේ ඔහොම හැඩරුව තියෙන මධූෂ කෙනෙක් නම් නෑ... ඉන්න එකම මධූෂ මම තමයි...."
ඒ ඇහුනු වදන් රනුකගේ දෙසවනේ රැව් පිළිරැව් දුන්නා... මුලු ලෝකෙම කැරකැවෙද්දි... මුළු ඔලුවම අවුල් ජාලයක් වුනා.... ඇත්තටම මධූෂට මොකද වුනේ... රනුකගේ හිත රනුකගෙන්ම ප්රශ්න කලා.....
රනුකගේ මුව ගොලු වුනේ මේ කිසිදෙයක් හරියාකාරව නොතේරෙද්දි.
"මේ මිස්ටර් මොකක් හරි අවුලක්ද"
"මේ මේ...."
වචන එකින් එක රනුක ඇහින්දේ නිරුත්තර වුනු වෙලාවක.
"ඇත්තටම මට වැරදීමක් වෙලා වගේ... මේ සොරි හොදද ඔයාගේ වෙලාව ගත්තට.. තැන්ක් යූ මම යන්නම්"
රනුක පිටිපස්ස නොබලා එන්න ආවේ හිතේ දහසකුත් ප්රශ්න හමුවේ... වාහන පාර්කින් එකට ආපු රනුක තිබුනු පඩියකින් ඉදගත්තේ හිතේ හයිය ගිලිහුනු මොහොතක. අහස දිහා ඔහේ බලන් හිටපු රනුක මධූෂට ආයෙම කෝල් කලා... වැඩක් වුනේ නෑ ෆෝන් එක තවමත් කලින් වගේම ඕෆ්... දකුණතින් නලල පිරිමදින ගමන් රනුක හිතින් ගොඩක් දුර ගියා... මධූෂව මුණගැහුනු විදිය, මධූෂ තමන්ට ලං වුනු විදිය, තමන් මධූෂට ආදරෙයි කියපු විදිය, ඒකට මධූෂ ගෙන් ලැබුනු අත්භූත හැසිරීම, ඒත් පහුවදා මධූෂ තමන්ට ආදරෙයි කිව්ව විදිය, මේ හැමදේම එකින් එක රනුකට මැවිලා පෙනුනා... හීන ලෝකෙක අතරමං වුනු රනුක පියවි සිහියට ආවේ ආක්ෂාගෙන් ලැබුනු ඇමතුමෙන්... හිතේ නලියන දහසක් ප්රශ්න එක්ක වෙව්ලන කටහඩින් රනුක ඇමතුම ගත්තා.