දොළොස් වන දිගහැරුම

86 14 0
                                    

#ස්නේහ

12 කොටස

ෆෝන් එකත් කනේ තියාගෙන හයියෙන් හිනාවෙන මධූෂ දිහා රනුක බලන් හිටියේ දෙගිඩියාවෙන්   .. අඩියට දෙකට මධූෂ ලගට ගිය රනුක කනේ තියන් හිටිය ෆෝන් එක ඇදලා අරන් කට් කලා...

"මොකක්ද අනේ ඒ කලේ"

ෆෝන් එක උදුරලා ගන්න ගමන් මධූෂ ඇහුවා.

"කවුරු එක්කද ඒ කොමල පෑවේ"

"තාත්තා අනේ"

"කමක් නෑ තාත්තා එක්කවත් ඔය තරම් හුරතල් වෙන්න ඕන්නෑ"

"ඔයා මොකටද ඔය තරමට මං ගැන වද වෙන්නේ"

"ඒ මම තමුසෙට ආදරේ නිසයි මෝඩයෝ"

මධූෂ පුදුම වුනා.... ඇස් දෙකත් ලොකු කරන් රනුක දිහා බැලුවේ ඒ ඇහුනු දේ අදහගන්න බැරුව. රනුක මධූෂ ලගට ලං වෙද්දිම මධූෂ රනුකව තල්ලු කරගෙනම දොරත් ඇරන් පස්ස නොබලා එලියටම දුවන විදිය රනුක බලන් හිටියේ හිනාවෙන් මූණ පුරවගෙන........

දුවගෙනම ගිය මධූෂ  කාමරේට ගිහින් සද්දෙන්ම දොර වහගත්තා .... හිනාවෙවීම රනුක දොර වහගෙන ඇදට වැටුනේ මධූෂ ගැන හිත හිතම.... රනුක කොයිතරම් ඇස් පියාගන්න උත්සහ කලත් මධුෂගේ මතකයන් ඒකට හරස් වුනා.. පාන්දර ජාමේ රනුක බලෙන්ම ඇස් පියාගත්තේ ගතට නින්දක ඇවැසි නිසා.....

ෆෝන් එකේ එලාම් එකට ඇහැරුනු රනුක ඇග මැලි කඩ කඩම කරාමේ ලගට ගියේ ටවල් එකත් අරගෙනම.... ඇග සෝදගෙන ටවල් එක ඇදගද්දිම රනුකගේ සවන් වැකුනේ මධූෂගේ දොර වහන හඩ. රනුක අඩියට දෙකට එතනට ආවා....

"මොකද අද මේ වේලපහම... ඔහොම ඉන්න මං ඇදුමක් දාන් එන්නම්"

"ඕන්නෑ"

"පිස්සුද ලමයෝ මට විනාඩියක් දෙන්න මං ඉක්මනින් එන්නම්"

"ඕන්නෑ කිව්වනේ මං දැන් සැරයක්"

"මොකද මේ වෙලා තියෙන්නේ "

"මං යනවා"

"කියන දේ අහන්නකෝ මධූෂ මං බයික් එකේ ගිහින් දාන්නම්"

"එපා කිව්වම තේරෙන්නැද්ද ඔයාට"

"ඇයි මේ"

"මම කැමති නෑ ඔයා මගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවට"

ස්නේහTempat cerita menjadi hidup. Temukan sekarang