#ස්නේහ
10 කොටස"මේ ඔයාට කොහොමද ප්‍රසාද් ව හම්බුනේ"
"හ්ම් දවසක් මගෙන් එයා පාරක් ඇහුවා... පස්සේ මගේ පස්සෙන්ම එන්න ගත්තා..."
ඇදෙන් හාන්සි වෙන ගමන් මධූෂ උත්තර බැන්දා..."ඉතිං.... ඔයා ඌට අකමැතිද"
"නැතුව..... "
"ඇයි ඌ කොල්ලෙක් නිසාද"
"නෑ.... "
"එහෙනම්"
"කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් ආදරේදි මම ඕව බලන්නෑ.... මගේ හිතට දැනුනොත් මම එතන නවතිනවා...."
රනුක බැල්ම වහලේ තියාගෙන මොනවාදෝ කල්පනා කලා..ටික වෙලාවක් සද්ද නැතුව හිටපු රනුක ...
"මං ගැන ආදරයක් හිතුනොත් ඔයා මගේ ලග නවතිනවද සදහටම"
මධුෂගෙන් කිසි සද්දයක් නෑ.... රනුක ඔලුව හරවලා මධූෂ දිහා බැලුවා....මධූෂ තද නින්දක.... රනුක හිත රවට්ට ගන්න යන්තන් හිනා වුනා... නැගිටලා ගිහින් මධූෂට රෙද්දක් පෙරෙව්වා .... ටික වෙලාවක් මධූෂ දිහාම බලන් ඉදලා ඔලුව අතගෑවේ හිත කොනක ඉපදුනු අරුම පුදුම හැගීමකින්.....
ඇද ලගම හිටගෙන අහිංසක විදියට නිදාගෙන ඉන්න මධූෂ දිහා බලාගෙන හිටපු රනුකගේ දැහැන බිදුනේ සාක්කුවේ තිබුනු ෆෝන් එක රින්ග් වෙන සද්දෙට... කලබලෙන් ෆෝක් එක සාක්කුවෙන් එලියට අදින ගමන් රනුක එලියට ආවා....
"හෙලෝ නිමල් අයියේ "
"රනා... උඹ නිදිද..."
"අහ්.. නෑ අයියේ... "
"හෙට හරියටම 10ට මන්ත්‍ර්‍රීව මීට් වෙන්න යන්න ඕනේ... වෙලාවට වරෙන් හොදද"
"අහ් හරි අයියේ මං වෙලාවට එන්නම්"
"මං දිනේෂ්ව උදේම එවන්නම් එහෙනම්"
"නෑ නෑ අයියේ... මං එන්නම් වෙලාවට ඌව එවන්න එපා"
"හරි කොල්ලෝ එහෙනම් මං තිබ්බා"
"හරි අයියේ "
රනුක කාමරේට ඇවිත් හිමින් සැරේ දොර වැහුවා. ඉනට අත් දෙක තියාගෙන සෝෆා එක දිහාත් මධූෂ නිදාගෙන ඉන්න ඇද දිහාත් මාරුවෙන් මාරුවට බැලුවේ ප්‍රශ්නාර්ත මුහුණෙන්....