#ස්නේහ
14 කොටස
කෑම කාලා බිල් එකත් ගෙවලා රනුක ආක්ෂා එක්කම එලියට ආවා... පඩිපෙල බැහැගෙන එද්දිම , ෆුල් ෆේස් හෙල්මට් දාගත්තු දෙන්නෙක් ට්රැකර් බයික් එකකින් ඇවිත් බස් හෝල්ට් එක ලගම නැවැත්තුවා... පිටිපස්සේ හිටපු කොල්ලා ඉනේ තිබ්බ තුවක්කුව ඇදලා අරන් ආක්ෂා දිහාවට දික් කරනවා රනුක දැක්කේ ඇස් කොනෙන්......
ඉක්මන් වුනු රනුක ආක්ෂාව මුවා කරගෙන බෙන්ස් එක පිටිපස්සට දිව්වේ පහත් වෙලා...
හොරෙන් එබිලා බලපු රනුක දැක්කේ බයික් එකෙන් තුවක්කුව අමෝරාගෙන බිමට බහින කොල්ලත් ඊට අඩි කිහිපයක් එහායින් ඉන්න මධූෂත්..."ආක්ෂා ඉක්මනට නිමල් අයියට කෝල් එකක් දෙන්න... මොන දේ උනත් ඔතනින් හෙල්ලෙන්නවත් එපා..."
ආක්ෂා දිහා නොබලාම රනුක වේගෙන් කියලා දැම්මා... ඉනේ තිබ්බ තුවක්කුව ඇදලා අරන් තමන් වෙත පියවර තියන කොල්ලට ඉලක්ක කරලා වෙඩි තිබ්බේ දනිස්සට පහලින් පසාරු කරගෙන ඇතුලට යන්න... ඒ ඇසිල්ලෙන්ම තවත් වෙඩි 3ක් තිබ්බත් ඒ එකක්වත් නොවැදිම ඒ කොල්ලා නවත්තලා තිබුනු ජීප් එකකට මුවා උනා... ඇහුනු වෙඩි හඩ සමග අහල පහල මිනිස්සු ඒ මේ අත දුවන්න වුනා... මේ තරම් දේ ඇස් ඉස්සරහා සිදු වුනත් මධූෂ ඒ දුවන මිනිස්සු අතරට එක් නොවූ එක ඇත්තටම නොවිසඳුණු ප්රශ්නයක්....
බයික් එකේ ඉන්න අනිත් පුද්ගලයව ඉලක්ක කරපු රනුක ආයේම පසුබැස්සේ වෙඩි වැදුනු පුද්ගලයා තැබූ වෙඩිල්ල තමාගේ අසලින්ම ගිය නිසා... ඒ පුද්ගලයා එකපිට තැබූ වෙඩි 3න්ම බේරුනු රනුක ඒ ඇසිල්ලෙම වෙඩි 2ක් තිබ්බේ ඒ පුද්ගලයාට වුනත් වැදුනේ ජීප් එකට...
මේ හැමදේම අඩි කිහිපයක් දුරක ඉදන් බලන් හිටපු මධූෂ බය වුනේ නොසිතූ අයුරින්... යන්තම් ඈතින් පේන රනුකගේ චායාව දිහා මධූෂ බලාගෙන හිටියේ කලබල වුනු සිතෙන්....
නැවතත් ජීප් එක පැත්තට තුවක්කුව ඉලක්ක කලත් ,
"ඔහ් ශිට් .... බුලට් ඉවරයි..."
තමාටම කියාගත්ත රනුක ආක්ෂා දිහා බැලුවා...
"ඇයි..."
"බුලට්... ඉවරයි අනිත් ටික කාර් එකේ"
"අනේ රනුක....."