13 වන දිගහැරුම

94 12 0
                                    

#ස්නේහ

13 කොටස

"මම ඔයාට ආදරෙයි කිව්වට ඔයාට මට ආදරේ කරන්න කිව්වේ නෑනේ මධූෂ "

"අනේ ඕයි නවත්තගන්නවකෝ මගුල.... මටත් පිස්සු අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නවට.... මට වාතයක් නොවී ඉන්නවද ප්ලීස් මට තමුසෙවත් තමුසෙගේ මහලොකු ආදරේවත් ඕන්නෑ.... අනික තමුසෙ වගේ එකෙක්ට ලව් කරන්න මට මැන්ටල් වගේ පේනවද"

මධූෂගේ වදන් රනුකගේ හිතට පිහිපාරක් වගේ දැනුනා.... බොදවුනු ඇස් දෙකෙන් රනුකට පේන හහුරුබුහුටි පිරිමි රුව දිහා රනුක බලන් හිටියේ අසරණ බැල්මකින්..... පපුව පිරෙන්න ලොකු හුස්මක් ගත්ත රනුක...

"හ්ම් හරි මගෙන් ඔයාට ආයේ කරදරයක් වෙන එකක් නෑ මධූෂ ... සොරි."

මධූෂගේ ඇස් දෙක දිහාම බලාගෙන කියපු රනුක ආපස්සට හැරිලා එන්න ආවේ හීනියට උනපු කදුලු හොරෙන් පිහන ගමන්... ආපු වේගෙන්ම දොරත් වහලා ඇදෙන් ඉදගත්ත රනුක අත් දෙකෙන් ඔලුව බදාගත්තේ වුනු කිසිම දෙයක් අදගන්න බැරුව...

විනාඩි කිහිපයක් ඒ විදියට හිටපු රනුක පියවි සිහියට ආවේ ෆෝන් එක රින්ග් වෙන සද්දෙන්.... ෆෝන් එක අතට අරන් තද කරලා ඇස් පියාගත්ත රනුක හිමිහිට ඇස් අරින ගමන් ෆෝන් එක ආන්සර් කලා...

"හෙලෝ...ආක්ෂා"

"රනුක.. "

"හ්ම්"

"අද මට ලෙක්චර්ස් නෑ... ඔයා උදේම එන්න එපා දවල් 12ට විතර එනවද පොඩි ගමනක් යන්න"

"ඕකේ...ආක්ෂා "

ෆෝන් එක ඇදට අතෑරලා රනුක ටවල් එකත් අරන් කරාමෙට ගිහින් සීතල නොබලම උදේම නාගත්තා...  කාමරේට ඇවිත් ඩෙනිමකට ෂර්ට් එකක් ඇදන් හෙල්මට් එකත් අරන් එලියට බැස්සා... කාමරේ ලොක් කරලා ඉස්සරහට පියවර කිහිපයක් තිබ්බ රනුක එකතැන නතර වුනා. මධූෂගේ කාමරේ දිහා හැරිලා බලන්නත් හදලා ... ආයේම බලෙන් ඉදිරියට පියමැන්නේ ඔලුව බිමට හරවගෙන....

කම්බි වැට පනින ගමන්ම හෙල්මට් එක දාගත්ත රනුක බයික් එක ස්ටාට් කරගෙන යන්න ගියා... මුඩුක්කු වත්තෙන් එලියට ආපු රනුක ඈත තියාම දැක්කේ බස් හෝල්ට් එකට වෙලා හිටගෙන ඉන්න මධූෂව ... උවමනාවෙන්ම ඒ පැත්ත නොබලාම මධූෂව පහුකරගෙන රනුක ඉදිරියට ඇදුනා..  මධූෂව පහුවෙනවත් එක්කම සයිඩ් කණ්නාඩියෙන් හොරෙන් බලපු රනුක දැක්කේ තමන් දිහාම බලන් ඉන්න මධූෂව .... කියාගන්න නොතේරෙන අමුතුම වේදනාවක් හිතේ නලියද්දි රනුක බයික් එකේ වේගේ තවත් වැඩි කලා... නිමල් පැලස් එකට ආපු රනුක දැක්කේ ඩිෆෙන්ඩර් එක පිහමින් ඉන්න දිනේෂ්ව...

ස්නේහМесто, где живут истории. Откройте их для себя