23 වන කොටස

45 5 0
                                    

~ස්නේහ~

23 වන කොටස...

"ඔයා.... ඔයා.... කොහොමද මේ හැමදේම දන්නේ....ඔයාට කවුද කිව්වේ....."

"මගේ තාත්තා"

"තාත්තා....?"

"හ්ම්... මගේ තාත්තා වෙන කවුරුත් නෙමේ... සුමිත්... "

"මොකක්"

"ඔව්... මං සුමිත් ප්‍රසන්න අතාවුද ගේ එකම පුතා"

රනුක අඩියෙන් අඩිය පිටිපස්සට වුනා.. බිත්තියේ වැදිලා බිම ඇදගෙන වැටුනු රනුක හිටියේ අසිහියෙන්.... අකේන් අඩියට දෙකට රනුක ලගට දුවලා දණතියා ගත්තා... අත් දෙකෙන්ම අල්ලලා රනුකව නැගිට්ටවන්න හැදුවා.. ඒත් එක පාරටම රනුක අකේන්ව තල්ලු කලා....

"අල්ලන්න එපා මාව....."

"රනුක ..... කෝ එන්නකෝ උඩින් ඉදගමු අපි "

"පලයං යන්න ,මං තමුසෙට වෛර කරනවා.. "

"රනුක..... ප්ලීස් මං කියන දේ අහන්නකෝ ටිකක්"

"සැරයක් කිව්වම පලයන් යන්න.... මට පාඩුවේ ඉන්න දීපන්... මං වෛර කරනවා උඹේ තාත්තට වගේම උඹටත්..... උඹේ... උඹේ.. ඔය මහලොකු තාත්තා තමා යකෝ මගේ අම්මවයි තාත්‍තවයි මැරුවේ... නැතුව නිමල් නෙමේ"

"අනේ රනුක.... ඇත්ත තේරුම් ගන්න.."

"මම මේ තරම් කල් ඉවසුවේ කවදාවත් සාක්ෂියක් නැතුව මම කිසිම දෙයක් විශ්වාස නොකරන නිසා, මට එකම එක සාක්ෂියක් හම්බවුනු දවසට උඹේ මහ එකාව මං ඉවර කරන්නේ උඹේ ඇස් ඉස්සරහමයි අන්න ඒක හොදට මතක තියාගනින් උඹ"

"අනේ රනුක මාව විශ්වාස කරන්න.... "

රනුක හයියෙන් හිනාවෙන්න ගත්තේ අකේන් දිහාම බලාගෙන. අකේන්ගේ කම්මුල් දෙක තද කරලා තනිඅතට ගත්‍ත රනුක ,

"හම්මෝ... හම්මෝ... විශ්වාස කරන්න.. තෝව මේ තරමට විශ්වාස කරපු නිසා තමා බල්ලෝ මට කෙලවුනේ"

රනුක අකේන්ගේ ඇස් දිහාම බලාගෙන අකේන්ගෙන් අත අහකට ගත්තේ අකේන්ගේ මූණට දැනුනු දැඩි වේදනාවත් එක්කමයි. රනුක ගිහින් බිත්තියට නළල තියාගත්තේ හැමදේ ගැනම කලකිරීමෙන් .

"පලයන් යන්න එලියට... මට තවත් උඹව දකින්න ඕන නෑ"

"බෑ... මං යන්නෑ... මං ඔයාව දාලා කොහෙවත් යන්නෑ"

ස්නේහWhere stories live. Discover now