#ස්නේහ
7 කොටස
"ඒයි ඕයි... වීල් එකක යනවා හොදද"
හැරිලා යන්න ගිය මධූෂ දිහාම බලන් රනුක බෙරිහන් දුන්නා...අතත් වනාගෙන එලියට ආපු මධුෂ එලියේ බිත්තියක මුවා වුනා. ඈත යන්තන් පේන රනුකගේ රූපය දිහා බලන් හිටියේ හරිම උනන්දුවෙන් .... අතේ තිබුනු බත් මුල ඇස් වහගෙන සුවද වින්ද රනුක හිමිහිට බත් පාර්සලේ ලෙහාගෙන එතනම බිම ඉදගත්තා.... සුදට හදපු පරිප්පුයි, මාළු මිරිසුයි හාල්මැස්සෝ එකට දාලා හදපු බැදුමත් එක්ක රතු කැකුලු බත් ඇටයක් නෑර රනුක කෑවේ හොරෙන් මධූෂ බලාගෙන ඉන්න අතරෙමයි....
පිටවුනු හිනාව ඇතුලෙම ගිලගෙන මධූෂ ගෙදර එන්න හැරුනා.... පාරේ අයිනෙන්ම ඇවිදගෙන එන අතරේ වැස්ස නම් මොහොතකට නැවතුනා.... රනුකගේ සිහියෙන් පාරේ ගිය මධූෂ තිගැස්සුනේ තමන්ගේ පිටිපස්සෙන් ඇහුනු හෝන් සද්දෙන්....
කලබලෙන් පිටිපස්ස බලපු මධූෂ දැක්කේ තමන්ව ගෑවෙන නොගෑවෙන තරමින් බ්‍රේක් කරපු විසල් එකක්.... මධූෂ බයටම ඉබේටම පාරෙන් අයිනකට උනා....
"ඒයි... බෝඩිමා ..."
කාර් එකෙන් ඔලුව එලියට දාගෙන දිනේෂ් යටිගිරියෙන් බෙරිහන් දුන්නා.... දිනේෂ්ව දැක්ක ගමන් මධූෂ යන්තන් හිනා වුනා...
"ඇවිත් නගිනවා මං ගිහින් දාන්නම්"
"කමක් නෑ ඔයා යන්න... මම පයින් යන්නම්"
"මේ ඕයි... මම රනාට ඇදුම් ටික දීලා එන ගමන් ඌ තමා කිව්වේ උඹව ගිහින් බෝඩිමෙන් දාන්න කියලා.... උඹව එක්කන් ගියේ නෑ කියලා දැනගත්තොත් ඌ එලියට ආව ගමන් මගේ ඔලුවෙන් පිස්තෝලේ තියයි..... ඒ නිසා නැගහං "
මධූෂට එකපාර හිනාවක් ගියේ රනුක තරහා ගියාම තුවක්කුව ඔලුවට තියන හැටි මතක් වෙලා... හිමින් හිමින් ගිහින් කාර් එකේ ඉස්සරහෙන් ඉදගත්ත මධූෂ සීට් බෙල්ට් එක දාගත්තා...
"ඇයි ඔයා නොකිව්වේ... රනුකට ඇදුම් දෙන්න එනවා කියලා... "
"කොහෙද ඉතිං මට කියන්න දුන්නද... කඩියා කාලා වගේ තමුසේ දිව්වනේ..."
"අයියෝ අපරාදේ...."
"මම නිමල් අයියගේ ගෙදරින් කෑම එකකුත් අරන් ඌව බලන්න යද්දි ඌ ඔයාගේ කෑම එක කාලා ඇගිලිත් ලෙවකනවා"