16 වන කොටස

47 6 0
                                    

~ස්නේහ ~

16 කොටස

ලාවට ඇස් පියවීගෙන එද්දි රනුකගේ ෆෝන් එක රින්ග් වෙනවා මධූෂට ඇහුනා... රනුකගේ නින්දට බාධා නොවෙන්න මධුෂ කලබලෙන් ෆෝන් එක අතට ගත්තා...

"ආක්ෂා"

තිරයේ පෙනුනු නම මධූෂ හිතින් තුන් හතර පාරක්ම කියෙව්වා.... මධූෂ ඇස් හරවලා රනුක දිහා බැලුවා... එයා තාමත් සුව නින්දේ.... මධූෂ ඇදෙන් නැගිටලා දොර ලගට ආවා.... වෙව්ලන අතැගිලි වලින් ෆෝන් එක ආන්සර් කරලා කනෙන් තියාගත්තා...

"හෙලෝ . ස්වීටී......ඔයා නිදි නැද්ද තාම"

"ඇයි අහන්නේ.... නිදි කරවන්නද....."

"හෙලෝ.... කවුද මේ"

"මම කවුරු වුනත් තමුසෙට මොකද"

"අහ්.... මට හිතාගන්න පුළුවන් තමුසෙ කවුද කියලා.... කෝ රනුක..."

"එයා නිදි.."

"තමුසෙ මොකද මේ වෙලාවේ එයා ලග කරන්නේ .. අහ්"

"මං තමුසෙට උත්තර දෙන්න බැදිලා නෑනේ ආක්ෂා"

"අහ් ඒකත් එහෙමද... රනුකට කියනවා හෙට උදේ 9 වෙද්දි මං කාර් එක එවනවා කියලා... ඒ ආවම මං එයාගෙන්ම අහගන්නම්කෝ මොකද මේ වෙන්නෙ කියලා...."

"අහගනින් ඉතිං....."

"එකක් මතක තියාගනින්.... උඹ කොල්ලෙක් වෙලා කරන්න පුලුවන් දේවල් වලින් දෙගුණයක් දේවල් මට කරන්න පුලුවන් රනුකව මගේ ලගට ගන්න.... ඒ නිසා රනුකගෙන් ඈත් වෙලා හිටපන් මැරුම් නොකා...."

"අහ්... ඇත්තට.... අනේ මේ තියපන් ෆෝන් එක කුනුහරප අහගන්නැතුව"

මධූෂ ෆෝන් එක කට් කලේ කේන්තියෙන් .... ටික වෙලාවක් එහෙමම හිටපු මධූෂ ගිහින් ඇදෙන් ඇලවුනේ රනුක දිහාම ඇස් රදවන්....නින්දත් නොනින්දත් අතර හිටපු මධුෂ ඇස් ඇරියේ නලලට දැනුනු උණුසුම් හාදුවෙන්... තමන්ට හුස්මක් දුරින් ලං වෙලා දිදුලන දෑසින් ඉගිකරන රනුකව මධූෂ ඒ ක්ෂණිකවම බදාගත්තේ රනුක නොසිතපු අයුරින්....

"මොකද මේ"

"ඔයා මගේ නේද"

"ඔව් මැණික..... ඔයාගෙම විතරයි..."

"මම ආදරෙයි රනුක...."

"මමත්...... "

රනුක මධුෂගේ හිස අතගෑවේ හිතට දැනුනු ආදරෙන්...

ස්නේහTahanan ng mga kuwento. Tumuklas ngayon