#ස්නේහ
6 වෙනි කොටස
වෙනදට වඩා විනාඩි ගානක් කලින් ඕෆ් වුනු මධූෂ නොඉවසිල්ලෙන් බලන් හිටියේ රනුක එනමග... මුලු අහසම අදුරු වලාවකින් වෙලාගත්තේ මුලු පොලොවම තෙත් කරන්න සූදානමින්... යන්තම් දිය බිද බිද බිම වැටෙද්දි මධූෂගේ දෑස් තාමත් රනුකවම සෙව්වා...
කඩිමුඩියේ මූණ හෝදගෙන අලුත්ම ෂර්ට් එකක් ඇදගෙන කාමරෙන් එලියට බැහැපු රනුක දොර ලොක් කලා... මධූෂව ඉක්මනින් දකින්න ඕනේ කියන ආශාව මුලු හිතම හොල්මන් කලා,ඒත් එක්කම කම්බි වැට පැනලා ඇතුල් වුනේ කාකි ඇදුම් ඇදගෙන අතේ තුවක්කු තියාගෙන,බොරැල්ල පොලිස් ඕ.අයි.සී එක්ක සාජන්ලා 3 දෙනෙක්.....
"රනා සද්ද බද්ද නැතුව නැගපන් ගිහිං ජීප් එකට"
රනුක අහස දිහා බලාගෙන දිග හුස්මක් නිදහස් කලේ මධූෂව සිහි වෙලා....
"සර් මට විනාඩි 10ක් දෙන්නකෝ මම ඉක්මනට ස්ටේෂන් එකටම එන්නම්..."
"ඈ බං උඹ අපේ ඇහැට වැලි ගහලා පයින්නද හදන්නේ.... උඹව ඔය තරමට විශ්වාසයි නම් ... අපි මෙහෙම පිරිවාරාගෙන උඹව එක්කන් යන්න එයිද"
"ඒත් සර් මට පොඩි හදිස්සියි වැඩක් තියෙනවා....කිව්වම අහන්නකෝ මං ඉක්මනට එන්නම්...."
"මේ මේ රනා රගන්නැතුව වරෙන් යන්න.... සාජන් දාන්න මූට මාංචු"
තවත් කතා කරන එක නිෂ්පල නිසා රනුක නිහඩ වුනා..... මාංචු දාගෙන ජීප් එකට නගින රනුක සුපුරුදු දසුනක් උනත් වත්තේ මිනිස්සු රංචු ගැහිලා බලන් හිටියේ අරුමපුදුම වෙලා...
ජීප් එකට නැග්ග රනුක වටපිට බැලුවේ මධූෂගේ රුව දකින්න වුනත් ඒ රුව නොදුටුව තැන රනුක මූණ බිමට හරවගත්තා....මොහොතින් මොහොත ගත වෙලා පැයකුත් ගෙවුනා... ඝන අදුර මුලු පරිසරයම ටිකෙන් ටික වැලදගන්න පටන් අරන්.... ඒත් මධූෂගේ ඇස් රනුක එන තුරු මගරැක්කා.... මහ වැහි බිංදු බිංදු බිම සිප ගන්න අතරේ.... වැස්ස නිසා ඉන්නත් බැරි රනුක නිසා යන්නත් බැරි තත්ත්වයක මධූෂ අතරමන් වුනා.
"ෂිට්... එන්නැත්තන් මොන මගුලකටද මට ඉන්න කිව්වේ.... මම මෙතන තෙමෙනවා මගුල... ආදෙන්කෝ අද ගෙදර මූණවත් බලන්නෑ මං ඕකගේ...."