👻==02

740 156 20
                                    

ටික වෙලාවක් ඉදඟෙන මහන්සි ඇරපු යීබෝ අලුත් ගෙදර පිරිසිදු කරන්න පටන් ගත්තා.ලොකු දූවිල්ලක් තිබුනෙ නැති නිසා යීබෝට වැඩේ ලේසි උනා. තමන්ගෙ අත්‍යවශ්‍ය බඩු ටික පිලිවෙලට කාමරෙන් අහුරගත්ත යීබො ඉනට අත්දෙක තියාගෙන ලොකු හුස්මක් ගත්තා.

"හ්ම්ම්ම් වැඩේ ඉවරයි."

එතකොටම ජෑස් ගේ දෙවනත් වෙන්න බුරන්න පටන් ගත්තා.

"අයියෝ නිදහසේ හුස්මක් වත් ගන්න නෑනේ ...ජෑස් මොන මගුලකටද ඔච්චර බෙරිහන් දෙන්නේ?"

යීබෝ කෑහගගෙන සාලෙට යනකොට දැක්කේ සාලේ පියන් දේකේ ජනේලේ දිහා බලාගෙන බුරන ජෑස්ව.ජනෙලේට දාලා තිබ්බ සුදුපාට කර්ට්න් එක හෙලවෙමින් තිබුනා.

"මේ ජනේලේ කලින් වහලා නෙවේද තිබ්බේ ජෑස්? හුලඟට ඇරෙන්න ඇති" 

යීබෝ එහෙම කියමින් ජනේලේ වැහුවා.

"ඒක හුලඟක් විතරයි.මොන එහෙකටද දැන් ඔයා ඔච්චර බුරන්නේ.? ඇත්තමයි ඔය කට වැහුවෙ නැත්තම් ඔබනවා සපත්තු මේස් එකක් කටේ දැනගන්නවා" 

යීබෝ එහෙම කිව්වේ ජෑස් බුරන එක තවම නැවතුනේ නැති නිසා. අත් දෙකෙන් කන් වහගෙන කාමරේට ගිය යීබෝ හෙඩ් සෙට් එක ගහගෙන ඒකේ සද්දේ වැඩිකරලා කෙහෙල් කඳක් කැපුවා වගේ ඇඳට වැටුනා . තිබ්බ මහන්සියට වැඩි වෙලාවක් යන්න කලින් යීබෝ නින්දට වැටුනා.

කවුරුහරි අතට තට්ටු කරනවා වගේ දැනෙද්දී යීබෝ ගැස්සිලා ඇහැරුනා.

"කෝ කවුරුත් නෑනේ....ඇත්ත මං විතරනේ මේ ගෙදර මනුස්ස පරානෙකට ඉන්නේ එක අතකට මට කවුරු කියලා තට්ටු කරන්නද .මගේ ඔලුවෙ මනස්ගාත."

යීබෝ තමන්ටම ආඩපාලි කියාගන්න ගමන් ටවල් එකත් අරගෙන බාත්රූම් එකට රිංගුවා.ටික වෙලාවක් වතුර මල යට ඉඳපු යීබෝ ලූෆා එකට එයාගෙ ලැවෙන්ඩර් බොඩිවොශ් එකෙන් බිංදු කිහිපයක් දාගන්න ගමන් එකේ සුවඳ බැලුවා.

"ම්ම්ම්ම්හ්"

සබන් පෙන හැමතැනම විසිරිලා තියෙද්දී මුළු බාත්රූම් එකම ලැවෙන්ඩර් සුවඳ උනා. යීබෝ එයාට මතක සින්දු කෑල්ලක තාලෙට ඌරුවන්බාන ගමන් ඇඟ ඇතිල්ලුවා. ඒත් එක්කම යීබෝට අරලිය සුවඳක් දැනුනා.

Oh! My Ghost 👻❤️ (Completed)Where stories live. Discover now