(වසරකට පසු)
ශාන් ස්කෝලේ ගිහින් ඉවර වෙලා තිබුනා වගේම ෂියාඕ ඔහුව එයාගේ බිස්නස් වලට ජොයින් කරගෙන තිබුනා.
"අනේ පපා මට මේක තනියම කරන්න බෑ...යීබෝට එන්න කියන්නද?"
"කොච්චරහරි යීබෝ යීබෝ යීබෝ...දැන් බබාගේ හුස්ම වැටෙන්නේත් නැද්ද යීබෝ නැතුව ඈ?"
"අනේ පපා...."
"හ්ම් හ්ම් ගෙන්න ගන්නකො එහෙනම්"
ශාන් හරිම සතුටින් තමන්ගේ කැබින් එකට ගිහින් යීබෝව කෝල් කරලා ගෙන්න ගත්තා.
"සීන් මොකද මට එන්න කිව්වේ?"
"නිකම් මට පාළුයිනේ.."
"එහෙනම් කිව්වේ වැඩ කරගන්න අමාරුයි ලොකු සර් මාව ගෙන්න ගන්න කිව්වා කියලා"
"පොඩි බොරුවක් කිව්වා නැත්තම් ඔයා එන්නේ නෑනේ"
"පිස්සු හොල්මන...හරි මං ඉන්නම් ඔයා වැඩ කරන්නකෝ.."
යීබෝ ශාන්ගේ මේසේ ඉස්සරහ පුටුවෙන් ඉඳගත්තා. ටික වෙලාවකට පස්සේ ඉඳගෙන හිටපු තැනින් නැගිට්ට ශාන් ඇවිත් යීබෝගේ උකුලෙන් ඉඳගත්තා.
"මොකෝ පැටියො මේ ම්ම්ම්?"
යීබෝ අහද්දී ශාන් ඇඟිල්ලෙන් එයාගේ තොල් පෙන්නුවා.
"මෙතන බෑ...කවුරුහරි දැක්කොත්?"
"අනේ......"
"කවුරුහරි දැක්කොත් ලොකු ප්රශ්නයක් වෙයි මැණික බහින්නකෝ"
"මං දොර ලොක් කලා..."
"ඒ උනාට C...."
යීබෝට කියලා ඉවර කරන්න උනේ නෑ ශාන් යීබෝගේ තොල් වල එල්ලුනා. ශාන් නම් සතුටින් හිටියට යීබෝගේ පපුව නම් බිත්තර බදින්න තරම් රත් වෙලයි තිබුනේ.යීබෝ ශාන්ගේ පපුවට අතක් තියලා නැවැත්තුවා.
"ඇයි මොකද නැවැත්තුවෙ යීබෝ ? මාව වදයක්ද ආහ් ?කියනවකො මාව වදයක්ද කියලා?"
"නෑ නෑ මෝඩ පැටියෝ cctv තියෙනවා"
"ඈහ්?"
"දැන් හුල්ලලා වැඩක් නෑ."
"ඉතින් දන්නවා නම් කලින් කියන්න එපැයි.මං දන්නවද ඕවා ? මං මෙහෙට වැඩට ආවෙත් අලුතෙන්"