👻==17

528 139 9
                                    

"තමුසෙට පේන් නැද්ද සර් කෑම කනවා කියලා ෆයිල් මගුල් උස්සගෙන එන්නේ මෙතනට"

ශාන් එහෙම කෑගහද්දී ඒ කෙල්ල ගැස්සුනා.ඒ කෙල්ල විතරක් නෙවේ ෂියාඕ ඇතුළු එතන හිටපු හැමෝම ගැස්සුනා.

"සොරි බේබි"

"මමයි ලීසාට එන්න කිව්වේ බබා.හරි ලීසා දැන් යන්නකො"
.
.
.
"මොකටද ඒකි එක්ක හිනා උනේ"

ශාන් මේ යීබෝගෙන් ප්‍රශ්න කරන්නේ කොලේජ් යන ගමන්.

"කෝ කව්ද කොහෙද කොතනද ?"

යීබෝ වටපිට බැලුවෙ කව්ද හිනා උනේ කියලා හොයාගන්න .

"අර ලීසා එක්ක"

"ආහ් කලින්...ඒ නිකම් ඉතින්"

"නිකම් හිනාවෙනවද එහෙම. මට ඒකිව පේන්න බෑ. ඔයා මාව බලාගන්න කෙනා විදිහට එක එකියො එක්ක හිනාවෙන් නැතුව ඔයිට වඩා ගැම්මට ඉන්න ඕනි."

"හාපෝ හරි හරි මං හිනාවෙන් නෑ.කලින් කියන්න එපැයි"

"අනික ඒකි ඔයාට කැමතිද කොහෙද මං දැක්කනේ බලපු බැල්ම හුහ්.."

"ඇත්තද ...? මට නම් එහෙම එකක් තේරුන් නෑ"

"කොහෙ තේරෙන්නද කොහෙ තේරෙන්නද තාම තොත්ත බබානේ අනේ මේ.. දැන් වයස කීයද 30ත් පැනලා .මෙච්චර දෙයක්  තේරෙන් නෑලු"

"හරි හරි අනේ උදේම ඔලුව කන්න එපා."

"ඇත්තටම ඔයාට කලින් ලව් එකක් තිබිලාම නැද්ද යීබෝ ?"

යීබෝ මොකුත් කිව්වෙ නෑ හිනා උනා විතරයි.

"ඒ කියන්නේ තිබිලා තියෙනවා..හිනා ගියේ ඒකනේ..."

"හ්ම්ම්ම්ම්"

"ඉතින් මට කියන්නකෝ...."

එතකොටම යීබෝ කොලේජ් එක ගාවින් කාර් එක නැවැත්තුවා.

"පරිස්සමෙන් ගිහින් එන්න.හොඳට වැඩ කරන්න ඕනි හරිද?"

යීබෝ කිව්වේ ශාන්ගේ කොණ්ඩේ හදන ගමන් .

"ආවහම මට විස්තරේ කියන්න..."

"හ්ම් හ්ම් දැන් යන්නකෝ"

ශාන් කාර් එකෙන් බැහැලා යීබෝට පන යනකම් අතවනලා ගේට්ටුවෙන් ඇතුලට දිව්වා. යීබෝ ශාන් නොපෙනී යනකම්ම බලන් ඉඳලා තමයි ආපහු ආවේ.

Oh! My Ghost 👻❤️ (Completed)Where stories live. Discover now