👻==06

614 160 32
                                    

"එයා හැමවෙලේමත් මෙහේ නෙවේනේ ඉන්නේ ඒ කියන්නේ එයාට ඉන්න තැනක් තියෙන්නම ඕනි"

යීබෝ දස අතේ කල්පනා කලේ හොල්මනව හොයාගන්න විදිහක්.

"අපි මෙහෙම කරමු ජෑස් මේ බිල්ඩින් එක පුරාම ගිහින් බලමු.ඒත් එයා වෙන ගෙයක් අස්සෙ හිටියොත් මං කොහොමද අනුන්ගෙ ගෙවල් අස්සට රිංගන්නේ...ඊටත් එයා එදා අපි එක්ක බිල්ඩින් එකෙන් එලියට යන්න ආවානේ එයා එලියට ගිහින් නම්?"

යීබෝ කලේ කල්පනා කර කර සාලේ එහාටයි මෙහාටයි ඇවිදපු එක.

'තමුන් මෙතනට ආපු අරමුණ අමතක කරන්න එපා..මෙතනට ආවේ ඉගෙනගන්න මිසක් කාවවත් හොයන්න නෙවෙයිනෙ.ඊටත් ඒ හොල්මනක් 'කියලා යීබෝගේ මොලේ කිව්වට 'එයා ගියේ තරහ වෙලානේ.හොල්මනක් උනත් එයාගෙ හිත රිද්දුවනේ ' කියන එක හදවත කියද්දී යීබෝ හිටියෙ මඩේ හිටෝපු ඉන්න වගේ.

කෝමහරි හදවත කියන දේ අහපු යීබෝ හොල්මනව හොයන් යන්න තීරණය කලා.

"යමු ජෑස්...එන්න අපි ගිහින් එයාව හොයාගමු."

යීබෝ ජෑස් එක්ක එලියට ගිහින් ලිෆ්ට් එකට නැග්ගා. එයා මුලින්ම පලවෙනි තට්ටුවේ බොට්තම press කලා.

"ඉන්නවා නම් සුවඳ දැනෙයිනේ මට...ඔයාට දැනුනොත් ජෑස් ඔයා බුරන්න හරිද"

පලවෙනි තට්ටුවට ගියාට පස්සේ කිසිම වෙනසක් දැනුන් නැති නිසා යීබෝ හිතුවා උඩම තට්ටුවේ ඉඳන් බලාගෙන එන්න.

ලිෆ්ට් එකේ උඩම තට්ටුවට ගිය යීබෝ  කොරිඩෝ එකේ එහාට මෙහාට දෙපාරක් ඇවිද්දා. ඒත් කිසිම වෙනසක් දැනුනේ නෑ.

"මෙහෙම කලා කියලා වැඩක් නෑ එයා මේ ගෙවල් අස්සේ ඉන්නවා නම් එහෙම එයාට පේන් නෑනේ "

යීබෝ සක්කුවෙන් එයාගේ ෆෝන් එක එලියට අරන් කෝල් එකක් වගේ බොරුවට කතා කරන්න ගත්තා.

"මේ ඇහුනද හලෝ...මේ මං හය වෙනි තට්ටුවේ .... ඔයාව හොයන් ආවේ..."

යීබෝ සද්දෙට දෙතුන්පාරක්ම කිව්වත් එයාට කිසිම සුවඳක් දැනුනෙ නෑ.

"මෙහේ නෑ අපි යමු ජෑස් "

යීබෝ ලිෆ්ට් එකෙන් නොයා පඩිපෙලෙන් ඊලඟ තට්ටුවට ගිහින් කලින් විදිහටම කතා කලා.

Oh! My Ghost 👻❤️ (Completed)Where stories live. Discover now