👻==12

569 145 28
                                    

"සීන්.......!!!!"

"යන්න එපා සීන් ...මාව දාලා යන්න එපා... ආපහු එන්න සීන්...අඩුම ගානේ මට ඔයා යන්න කලින් ඔයාට ආදරෙයි කියලා වත් කියාගන්න වත් බැරි උනා සීන්...ඔයා ඒක වත් නොදැනනේ යන්න ගියේ.."

"මගෙ අම්මා තාත්තා මාව දාලා ගිය දවසෙ දැනිච්ච වේදනාව මට අද ආයෙමත් දැනෙනවා. මම ආයෙමත් මුලටම වැටුනා. ඇයි දෙවියනේ මං ආදරේ කරන හැමෝම මාව මෙහෙම තනියම දාලා යන්නේ?"

යීබෝ කියව කියව පිස්සුවෙන් වගේ ගේ පුරාම ඇවිද්දා.එයා වචන දහයක් කිව්වොත් නවයකම තිබුනෙ සීන්ගෙ නම . යීබෝ දවස් ගනන් ගෙවලා දැම්මේ හරිම අමාරුවෙන් වෙනකොට හැමවිනාඩියකම හැමතප්පරේකම යීබෝට සීන්ව මතක් උනා.

යීබෝ සීන්ගේ ෆොටෝ ඇල්බම් බලන්න ගත්තා.එතන සීන්ගේචූටි කාලේ ඉඳන්ම ෆොටෝ තිබුනා.එයා තනියම ඉන්න ඒවා ,අම්මා තාත්තා එක්ක එකට ඉන්න ඒවා තිබුනා.

"ඔයා ඒ කාලෙත් හරිම ලස්සනයි සීන්" 

යීබෝ සීන්ගේ ෆොටෝ බැලුවෙ හරිම ආසාවෙන් වගේම ගොඩක් දුකින්.

"සීන් ඔයා අපේ ස්කෝලෙ යුනිෆෝම් එකෙන්.... ඒක වෙන්නෙ කොහොමද? මං ඔයාව මීට කලින් කවදාවත් දැකලා නෑනේ.. මේ වෙන ස්කෝලයක් වත් ද... ඒත් ඒත් මේ අපේ ස්කෝලෙනේ. මොනවා! එක ෆොටෝ එකක මාත් ඉන්නවා."

සීන්ගෙ ෆොටෝ එකේ අහම්බෙන් යීබෝව වැදිලා තිබුනා. අහම්බෙන් කිව්වට යීබෝව වැදෙන්නම සීන් උවමනාවෙන්ම ගත්තු සෙල්ෆියක් වගේ ඒක.ඒත් යීබෝ නම් හිටියෙ ටිකක් දුරින් වගේම අහක බලාගෙන.

"ශිට්..මේ මං මේ ස්කෝලෙන් අස් වෙලා යන දවස.මං අස් වෙනකොට ඔයා මේ ස්කෝලෙට මාරුවෙලා ඇවිත්"

යීබෝ එයාගෙ දෙමාපියො නැති උනාට පස්සේ කලින් හිටපු ස්කෝලෙන් අස් වෙලා ගෙවල් ලඟ පාසලකට ඇතුලත් උනා.

"සීන් ඔයා එතකොට කලින් ඉඳලා තියෙන්නේ මං පස්සේ මාරු වෙලා ගිය ස්කෝලෙද..? ඔයා ඒ ස්කෝල දෙකේම යුනොෆෝම් වලින් ඉන්නවනේ..."

"ඒ  කියන්නේ... දෛවය අපිට කොච්චර දුශ්ට වෙලාද සීන්...ඔයා මාරු වෙන් නැතුව හිටපු ස්කෝලෙම හිටියා නම් අපි හම්බවෙනවා. එක්කෝ මං හිටපු ස්කෝලෙම ඉඳලා ඔයා විතරක් මාරු වෙලා ආව නම් ඒත් අපි හම්බවෙනවා. "

Oh! My Ghost 👻❤️ (Completed)Where stories live. Discover now