දොරේ අගුල කොච්චර කැරකෙව්වත් ඒක ඇරුනෙ නැති වෙද්දී හීන් දාඩිය දාලා හිටපු යීබෝ නොසෑහෙන්න බය උනා.
ඒත් එක්කම යීබෝගේ හිතට සැනසීමක් ගෙනාවෙ නහයට දැනුන අරලිය සුවඳ.
"ෆුහ්...ඔයාද..මං බය වෙච්ච තරමක් "
යීබෝ පපුවත් අල්ලගෙන සුසුමක් පිට කරමින් එහෙම්ම සාලේ තිබ්බ සෝෆා එකෙන් ඉඳගත්තා.
"මේකයි.ඇත්තටම මං පොඩ්ඩක් කේන්තියෙන් කතා කලා තමයි එදා...මට කියන්න ඕනි උනේ හිත රිදුන නම් සොරි කියලා. වැඩකට නැති උඩැක්කියක් හින්දා ඔයාට බනින්නෙ නැතුව ඉන්න තිබ්බෙ මට."
යීබෝ වටේ පිටේ බලමින් සමාවගන්නකොට එයාගේ ඇස් එක පාරටම නැවතුනේ බිත්තියේ තිබ්බ ලොකු ෆොටෝ එකේ.
"වාව්...එයා...එයා ඇත්තටම ලස්සනයි "
යීබෝ කිව්වා නෙවේ කියවුනා.
"මේකෙනා ඔයාගෙ නෑ කෙනෙක්ද ? එහෙම නැත්තම් මේ.... ඔයාද ?"
යීබෝ ෆොටෝ එක දිහා බලන් හිටියේ කටත් ඇරගෙන.
"ඒ මම"
"ඒ ඔයාද? හෑ මොකක් ..කතා කරන්න පුළුවන් කම තියෙද්දී අහවල් දේකටද පිට්ටු ගිලලා වගේ හිටියේ "
හොල්මන කතා කරද්දී ෆොටෝ එකේ ඉන්න කොල්ලගෙ සිහියෙන් හිටපු යීබෝ ගැස්සිලා පියවි ලෝකෙට ආවා.
"ඔයා බය වෙයි කියලා"
"ඔව් ඒකත් ඇත්ත හැබැයි. එතකොට ඔයාට..ඔයාට රූපෙකුත් තියෙද ?ඒ කිව්වේ පේන්න ඉන්න පුළුවන්ද"
"ඔව්. මං ඔයාට පේන්න ඉන්නද"
හොල්මන පේන්න ඉන්නද අහද්දී යීබෝට මතක් උනේ හොල්මන් ෆිල්ම් වල හොල්මන් පේන විදිහ .කැතට කලුවට ලේ පෙරාගෙන කොන්ඩ අවුල් කරගෙන දිග නියපොතු විලිස්සගෙන ඉන්න විදිහ.