යීබෝව ෂියාඕගේ ගෙදරට එක්කන් එනකොට ගොඩක් හවස් වෙලා තිබුනා.තමන්ව මෙහෙම එක්කන් යන හේතුව යීබෝ ඇහුවත් ඩ්රයිවර්ගෙන් ආපිට පිළිතුරක් ලැබුනෙ නෑ.යීබෝ ෂියාඔ නිවස ඇතුලට එනකොට ලෙලේ දොර ගාව හිටගෙන හිටියා.
"ලේලේ ඇයි මාව හදිසියෙ මෙහෙට ගෙන්නුවේ?"
"මගෙ පස්සෙන් එන්න."
යීබෝ වෙන්නෙ මොකක්ද කියලා නොදැන ලෙලේගෙ පිටුපසින් ගියා.ලෙලේ කාමරේක දොර ඇරලා ඇතුලට යන්න කියලා අතින් පෙන්නුවා.
ඒ කාමරේ ඇතුලේ පුටුවක ෂියාඕ ඉඳගෙන හිටියා වගේම ඇඳක් උඩ ශාන් වකුටු වෙලා හිටියා.යීබෝගේ ඇස් ගියේ සේලයින් බෝතලයක් එල්ලගෙන ඉන්න ශාන් වෙත වෙනකොට යීබෝට අනිත් හැමදේම අමත්ක වෙලා ගියා.කොටින්ම කිව්වොත් තමන් මේ ඉන්නේ ෂියාඕ නිවසෙ කියන එක පවා අමතක උනා."සීන්...! "
තමන් අතේ තිබ්බ බෑග් එකත් දොර ලඟම බිමට අතෑරපු යීබෝ ශාන් ගාවට දුවගෙන ගියා.ශාන් ඇඳ ගාව බිම දණගහගෙන ශාන්ගේ ඔලුව අතගෑවා.
"මගෙ මැණිකට මොකද්ද මේ උනේ..? ඇයි දෙවියනේ ඔයා මෙහෙම ඉන්නේ.."
ශාන් එයාගේ දුර්වල වෙලා තිබ්බ මූණෙන් යීබෝ එක්ක හිනා උනා.
"ලෙලේ බේබිට මොකද්ද උනේ..."
ලෙලේ සද්ද නොකර බලාගෙන හිටියේ එතන ෂියාඕත් හිටපු නිසයි.
"කියනවා මනුස්සයෝ මගෙ සීන්ට මොකද්ද උනේ?"
යීබෝ ලෙලේට කෑගැහුවේ හරිම ආවේගෙන් වෙනකොට යීබෝගේ ඇස් වලින් කඳුළු බිඳු දෙකක් කඩන් වැටිලා තිබුනා. ලෙලේ එක පාරටම බැලුවෙ ෂියාඕ දිහා. යීබෝ ඒ වෙලාවෙ තමයි ෂියාඕ මේ කාමරේ ඉන්නවා කියලා දැක්කේ...යීබෝට තමන් මේ ඉන්නේ ෂියාඕ නිවසෙ කියලා කල්පනා උනේ එතකොටයි. ඒ වෙනකොට යීබෝගෙන් වැටිලා තිබ්බ කඳුළු පිහදාගන්න වෙලාව මදි උනා.
"බබා දවස් ගානක් කෑවෙ බිව්වේ නෑ...සාංකාව වගේ "
ෂියාඕ යීබෝට පිළිතුරු දුන්නා.
"අනේ සර්...."
"පුළුවන් නම් උත්සහ කරලා බලන්න"
ෂියාඕ ,ශාන්ගේ ඇඳගාව තිබ්බ සුප් බෝල් එක ඇඟිල්ලෙන් පෙන්නුවා.